24 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot NewsBreaking News ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Breaking News ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ගනේමුල්ල සංජීව නමැති පාතාල කල්ලි නායකයා ඝාතනයේ ප්‍රධාන සැකකරු ව අද (19) පස්වරුවේ පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම – පාලවිය ප්‍රදේශයේ දියි.

එමෙන්ම මෙම සැකකරුට ගිනි අවිය ලබා දී අපරාධය සිදු කිරීමට ආධාර අනුබල දුන් කාන්තාව මීගමුව ප්‍රදේශයෙන් අදාළ ගිනි අවිය ගෙන ආ බවත් ඇය මීගමුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙක් බවත් හෙළි ව තිබෙනවා.

එමෙන්ම මෙම අපරාධයේ වෙඩික්කරු ලෙස කටයුතු කළ ප්‍රධාන සැකකාර පුද්ගලයා මීට පෙර දිනෙක දෙහිවල – වටරප්පල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකුට වෙඩි තැබූ වෙඩික්කරු බවට ද හඳුනාගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රාකාශකවරයා සඳහන් කළේ