32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමින් ඉදිරියට උසා­වි­යට එන නීති­ඥ­ය­නුත් පරී­ක්ෂා­වට

මින් ඉදිරියට උසා­වි­යට එන නීති­ඥ­ය­නුත් පරී­ක්ෂා­වට

මින් ඉදිරියට සියලු නීතිඥවරුන් අධිකරණ පරිශ්‍ර තුළට ඇතුළු කරන්නේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේය.

ඉදිරියේදී අධිකරණය තුළත් අවි සහිත පොලිස් නිලධාරීන් යෙදවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම අවධාරණය කළේය.

වැඩබලන පොලිස්පතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ අලුත්කඩේ අධිකරණයේ ගණේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබූ ස්ථානය නිරීක්ෂණයට ඊයේ (19) පැමිණි අවස්ථාවේදීය.

“පැහැදිලි වශයෙන්ම මෙය සංවිධානාත්මකව කර තිබෙන ඝාතනයක් බව පෙනෙනවා. විවිධ ආරවුල්, විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු, කොන්ත්‍රාත් මිනීමැරීම් මේ ආකාරයේ කටයුතුවල ප්‍රතිඵල තමයි මේ දකින්නේ” යැයි ද හෙතෙම කීවේය.

“අපි ඉදිරියේදී ඒවා කරන පුද්ගලයන්, ඒවා කරන සංවිධානාත්මක අපරාධකාරයන් උපරිම උත්සාහ කරලා අත්අඩංගුවට ගන්නවා. නීතිඥවරු වශයෙන් පැමිණෙන්න තිබෙන අවස්ථාව වැඩියි. මොකද නීතිඥවරුන් අධිකරණයේදී පරීක්ෂාවට ලක් වෙන්නේ නැහැ. ඒ අවස්ථාව උපරිම විදිහට ප්‍රයෝජනයට අරගෙන තමයි ඒ සැකකරු ඒ කාර්යය කරලා තිබෙන්නේ” යැයි ද පැවසුවේය.

“අපි නීතිඥ සංගමයෙනුත් ඉල්ලීමක් කරනවා ඒ සම්බන්ධයෙන් අපට සහාය දෙන්න, සෑම නීතිඥවරයෙකුම පරීක්ෂා කරන්න. අධිකරණය ඇතුළතත් අවි සහිතව නිලධාරීන් රාජකාරියේ යොදවන්න අවශ්‍ය අධිකාරීන්ගෙන් අනුමැතිය ලබා ගන්න කටයුතු කරන” බවත් කීවේය.