28.4 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමීනගයා දුම්රියේ ගැටී වන අලි පස්දෙනෙකු මරු

මීනගයා දුම්රියේ ගැටී වන අලි පස්දෙනෙකු මරු

මීනගයා ශීඝ්‍රගාමී දුම්රියෙහි ගැටීමෙන් වනඅලි රංචුවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම වනඅලි රංචුවෙන් බරපතළ තුවාල ලැබූ වනඅලීන් පස්දෙනෙකු එම ස්ථානයේ ම ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

ගල්ඔය ප්‍රදේශයේ දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදු ව තිබෙනවා.

මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (20) අලුයම මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රියේ මෙම වනඅලි රංචුව ගැටී ඇති බවත් එහිදී දුම්රිය පීලි පැනීමකට ද ලක් ව ඇති බවයි.

මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති අතර මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ පුලතිසි දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

පීලිපැනීමට ලක් වූ දුම්රිය එන්ජිම පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා