27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කෙරේ

අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කෙරේ

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ ඊයේ දින සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියෙන් අනතුරුව අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර්ගේ ප්‍රධානත්වයෙන් අද දහවල් අභියාචනාධිකරණ සංකීර්ණයේ පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

මෙම විශේෂ රැස්වීමට නියෝජ්‍ය පොලිස්පති ජගත් නිශාන්ත, කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ මාෂල්වරයා, සහ කොළඹ නීතිඥ සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙකු සහභාගී වී තිබෙනවා. රැස්වීමේදී අභියාචනාධිකරණ සංකීර්ණයට පිවිසෙන සියලුම පුද්ගලයින් සහ නීතිඥවරු දැඩි පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී සංජීව ප්‍රනාන්දු විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, අභියාචනාධිකරණයට ඇතුළුවන සියලුම නීතිඥවරු සහ පුද්ගලයින් අභියාචනාධිකරණ ගොඩනැගිල්ල පිවිසුමේ සවිකර තිබෙන විශේෂ පරීක්ෂණ යන්ත්‍රය (ස්කෑන් යන්ත්‍රය) හරහා ගමන් කිරීම ඉතා වැදගත් බව අවධාරණය කර ඇති අතර, ඒ සඳහා සහාය ලබාදෙන ලෙස සියලුම නීතිඥවරුන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.