32 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසංජීව ඝාතනය ගැන වෙඩික්කරුගේ පාපොච්චාරණය

සංජීව ඝාතනය ගැන වෙඩික්කරුගේ පාපොච්චාරණය

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවක් මත බව අත්අඩංගුවට පත් වූ වෙඩික්කරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ. එමෙන්ම ඝාතනය සිදු කිරීමට පෙර, දින කිහිපයක් වෙඩික්කරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ පෙර සූදානමක් සිදුකර ඇති බවද ප්‍රශ්න කිරීම්වලදී පොලීසියට හෙළි වී ඇත.

වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද හා අවිශ්ක නම් අපරාධ කල්ලි සාමාජිකයන්ගේ උපදෙස් මත තමන් ගණේමුල්ල සංජීව ඝාතනය කළ බවයි. රුපියල් කෝටි එකහමාරක කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය සිදුකළ බවත්, සති දෙකකට වතාවක් රුපියල් ලක්ෂ 2 බැගින් තමන්ට වේතනයක් ලෙස අදාළ අපරාධකරුවන් ගෙවූ බවත් විමර්ශන නිලධාරීන් හමුවේ වෙඩික්කරු පවසා තිබේ.

උසාවි භූමිය තුළදී අදාළ කාන්තාව තමන්ට ගිනි අවිය ලබාදුන් පසු එය ඉණෙහි සඟවාගෙන ගොස් වෙඩි තැබීම සිදුකළ බවත් ඔහු පවසා ඇති බවයි වාර්තා වේ. එම කාන්තාව තමන් මින් පෙර සිට හඳුනන බවත්, ඒ අනුව ඇය සමග සමීප සබඳතාවක් පැවැත්වූ බවත් ඔහු පවසා ඇත.

විමර්ශන නිලධාරීන් හමුවේ සැකකරු තවදුරටත් පාපොච්ඡාරණය කර ඇත්තේ, වෙඩි තැබීමෙන් පසුව තමන් කූලී රථ යෙදුමක් මගින් කුලී රථයක් ගෙන්වා ගෙන අධිකරණය අසල සිට මීගමුවට නුදුරු ප්‍රදේශයකට ගිය බවය. තමන් රැගෙන යෑමට මෝටර් රථයක් ඇති බව පැවසූවද එය අදාළ ස්ථානයේ නොතිබීම නිසා එලෙස සිදුකළ බව වෙඩික්කරු පවසා තිබේ. අනතුරුව තමන් ගිනි අවිය රැගෙන ආ කාන්තාව සමග වෙළෙඳසැලකට ගොස් ඇඳුම් මිලදී ගත් බවයි ඔහු පවසා ඇත.