ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -4.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.
2024 දෙසැම්බර් මාසයේ දී මෙම අගය -2.0% ක් ලෙසින් වාර්තා විය.
ආහාර උද්ධමනය 2025 ජනවාරි මාසයේ දී -1.0% සිට -2.5% දක්වා පහළ ගොස් තිබේ. එමෙන්ම, ආහාර නොවන උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ වාර්තා වූ -2.9% සිට -5.2% ක් දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇත.