25 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් රථයක් ගිනි ගනී - අයෙක් මරුට

බස් රථයක් ගිනි ගනී – අයෙක් මරුට

අද (22) අලුයම බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. පොලීසිය සඳහන් කළේ උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ වන්දනා නඩයක් රැගෙන පැමිණි බස් රථයක් ගිනි ගැනීමට ලක්වූ බවයි.

මෙම බස් රථය ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට වන්දනා නඩයක් සමඟ පැමිණි අතර, පිරිස එම විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන තිබිණි. පසුව ඔවුන් පැමිණි බස් රථයේ හදිසි ගින්නක් ඇති වූ අතර, එහි සිටි වයස අවුරුදු 55ක් පමණ වූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ගින්නට හසුවී මිය ගොස් ඇති බව පොලීසිය තහවුරු කළේය.

අනුරාධපුර නගර සභා ගිනි නිවීමේ ඒකකය, අනුරාධපුර පොලිසිය හා උඩමළුව පොලිසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට සමත් වුවද, බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් උඩමළුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.