29 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතෝරයායේ බස් අනතුරේ රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර අත්හිටුවයි

තෝරයායේ බස් අනතුරේ රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර අත්හිටුවයි

කුරුණෑගල, තෝරයායේ සිදුවූ මාරක බස් රථ අනතුරෙන් සිව් දෙනකු මිය ගොස් 24 දෙනකුට තුවාල සිදුවූ සිද්ධියට අදාළ බස් රථ දෙකේම රියැදුරන්ට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා විසින් ඇප නියම කර ඇත.

සැකකාර රියදුරන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම කළ අතර, මාර්තු 20 වන දින නැවත අධිකරණයේ පෙනී සිටීමට ද නියෝග කර තිබේ.

එමෙන්ම සැකකරුවන්ගේ රියැදුරු බලපත්‍ර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස මෝටර් රථ කොමසාරිස්වරයාට දැන්වීමට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර ඇත.

මෙලෙස ඇප ලබාදී ඇත්තේ අරලගංවිල ජයමුතුගම පදිංචි නිශ්ශංක සඳරුවන් සහ මැල්සිරිපුර පදිංචි ජී. රනිල් සංදීප යන අයටය.