දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොණු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. අගරදගුරු හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් නවය ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම් අද (24) කැඳවූ අවස්ථාවේ දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ සිය සේවා දායකයා පොලිස්පති ධුරයේ රාජකාරි ඉටු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි. එම නිසා මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා කඩිනම් දින ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාල පෙත්සම් මැයි මස 06, 07 සහ 08 යන දිනවල විභාගයට ගැනීමට දින නියම කළා.