30 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගණේමුල්ල සංජීවගේ ඝාතනයට සැකකාරියක් හා සැකකරුවෙක් අත්අඩංගුවට

ගණේමුල්ල සංජීවගේ ඝාතනයට සැකකාරියක් හා සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

පසුගිය 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කෙරුණි.

ඝාතනයට අනුබල දීමේ චෝදනාව මත මෙම සැකකරු හා සැකකාරියව ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.

මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දැනීමක් තිබිය දී එම තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අවුරුදු 23 ක් වූ කටුවැල්ලේගම, මීගමුව ලිපිනයේ පදිංචි පිංපුර දේවගේ චමිදු තිවංක වීරසිංහ සහ එම ලිපිනයේම පදිංචි සේසත්පුර දේවගේ සමන්ති නමැති 48 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දෙදෙනා අදාළ ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ බාල සහෝදරයා බවට අනාවරණය වී ඇත.

මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.