30 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබස් රථ දෙකක් ගැටී පාසැල් සිසුවියක් ඇතුළු තිදෙනෙක් රෝහලේ

බස් රථ දෙකක් ගැටී පාසැල් සිසුවියක් ඇතුළු තිදෙනෙක් රෝහලේ

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පදවිය යාය 06 ප්‍රදේශයේදී අද(25) සිදුවූ අනතුරකින් පාසැල් සිසුවියක හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව පොලිසිය කියයි.

වැලිඹය පරාක්‍රමපුර මාර්ගයේ යාය 06 ප්‍රෙද්ශයේ මාර්ගයේ වංගුව සහිත ස්ථානයකදී අනතුර සිදුව තිබිණ.

පාසැල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් හා ඇගළුම් සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. පාසැල් සිසුන් රැගත් බස් රථය වැලිඔය ප්‍රදේශයේ සිට පරාක්‍රමපුර දෙසට පාසැල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ අතර, පරාක්‍රමපුර සිට වැලිඔය සම්පත්නුවර ඇඟලුම් හලට සේවකයින් රැගෙන යමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ. අනතුරට පත් පාසැල් බස් රථය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් තිබේ.

සිදුව ඇති මෙම අනතුරින් පාසැල් බස් රථයේ ගමන් ගත් පාසල් සිසුවියක තුවාල ලබා ඇති අතර ඇය ප්‍රතිකාර සඳහා පදවිය රෝහලට ඇතුළත් කීරීමට ප්‍රෙද්ශවාසීන් එක්ව කටයුතු කර තිබිණ. පාසල් බස් රථයේ සහයකවරයා ද, ඇඟලුම් සේවකයින් රැගත් බස් රථයේ රියදුරා ද, මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර තුවාල ලත් එම දෙදෙනා ප්‍රතිකාර සදහා සම්පත්නුවර රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

අනතුරට පත් බස් රථ දෙකට ද සැලකිය යුතු හානි සිදුව තිබේ.

මෙම බස් රථ අනතුර සම්බන්ධයෙන් පදවිය පොලිස් රථවාහන අංශය මඟින් වැඩිදුර විමර්ශණ සිදුකරයි.