32 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරනිල්ගේ මිත්‍රය අර්ජුන් මහේන්ද්‍රන්ට වැඩ වරදියි ?

රනිල්ගේ මිත්‍රය අර්ජුන් මහේන්ද්‍රන්ට වැඩ වරදියි ?

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන ඒමේ උත්සාහය අතහැර නොමැති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. අර්ජුන් මහේන්ද්‍රන් මහතා ගෙන්වා ගැනීමේ යම් නීතිමය ගැටලුවක් තිබෙන බව ද ඒ මහතා කියා සිටියේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

අපි පුළුවන් තරම් උත්සාහ කරමින් ඉන්නවා ඔහු මෙරටට ගෙන්වා ගන්නට. ඔහු පැමිණියත් නැතත් අපි නඩු කටයුතු ඉස්සරහට කරගෙන යනවා. නමුත් අපේ උත්සාහය තිබෙන්නේ ඔහු මෙරටට ගෙන්වා ගැනීමට.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස ඉන්න කාලේ පාර්ලිමේන්තුවේදී කිව්වා මඟුල් ගෙදරක යනවා කියලයි ඔහු ගියේ කියලා. යාළුවව ගෙන්වා ගන්න එක රනිල් වික්‍රමසිංහ මහත්තයටත් යුතුකමක් තිබෙනවා. ඊට පසු අපි නීති මඟින් කටයුතු කරන්නම්.