― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalගෝඨා ගෝ හෝම් ඇත්ත රාජපක්ෂ පවුල ගෙදර යන්න ඕන ඒක පිළිබඳ...

ගෝඨා ගෝ හෝම් ඇත්ත රාජපක්ෂ පවුල ගෙදර යන්න ඕන ඒක පිළිබඳ කිසිම තර්කයක් නෑ ඒත් අර්බුදය අස්සේ අපේ රටට විදේශීය අත පෙවීම් වැඩිවෙලා

පවතින අර්බුදය අස්සේ අපේ රටට විදේශීය අත පෙවීම් වැඩි වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ 4 දින පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්

ගෝඨා බය වෙලා ඇඳිරි නීතිය පැනෙව්වා පෙරේදා නමුත් ජනතාව ගෝටා බය වී පනවපු ඇඳිරි නීතිය තුට්ටුවකටවත් මායිම් කළේ නෑ.
 රට පුරාම විවිධ ජන කොටස් කිසිදු භේදයකින් තොරව පාරට ඇවිල්ලා උද්ඝෝෂණ වලට සහභාගී වුණා.
 පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි දිගින් දිගටම කියපු කාරණයක් තියෙනවා රටේ ජන බලය කොහොමද රටේ දේශපාලනයට සම්බන්ධ කරන්නේ.
 විවිධ අවස්ථාවලදී අපි පාරට බැහැලා තියෙනවා මැතිවරණවලදී අපි රාජ්‍ය නායකයන් පරාජය කරලා තියෙනවා ජනතාවට මර්දනය ගෙනාපු ජනතාවට භීෂණය ගෙනාපු නායකයෝ පරාජය කරලා තියෙනවා මැතිවරණයෙන්.ආණ්ඩු පලවා හැරලා තියෙනවා.


 නමුත් අපි හැමදාම ජනතාවට කියපු කාරණය තමයි මැතිවරණ වලදී ඡන්දය පාවිච්චි කිරීමෙන් එහාට ගිහිල්ලා අපි කොහොමද මේ ජනතාව තුළ තියෙන බලය දේශපාලනයට සම්බන්ධ කරන්නේ කියන කාරණය තමයි අපි දිගින් දිගටම පහුගිය කාලේ කතා කරමින් ආවෙ.
 ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණයන්ට සහය වීම එක දිනයක ක්‍රියා වලියක් නෙමේ. මේ ක්‍රියාවලිය තුළ අපට පේනවා ජන බලය කොයිතරම් ශක්තිමත්ද කියලා.
 ලෝකය පුරාම අපට අත්දැකීම් තියෙනවා ලංකාවෙත් අපට සමහර වකවානු වල අත්දැකීම් තියෙනවා මේ ජන බලය විවිධ දේශපාලන කණ්ඩායම් තමන්ගේ දේශපාලන නියාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා පාවිච්චි කර ගන්නවා ඒ නිසා සරල මූණු මාරුවකට සරල ආණ්ඩු මාරුවකට මේ ජන බලය කොල්ල කාපු අවස්ථා අපේ රටේ තියෙනවා.


 ඒ නිසා අපේ රටේ සබුද්ධික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවර පැන නැගුණු විරෝධතාවය මේ දුර්දාන්ත පාලනය පරාජය කළ යුතුයි.
 ඔවුන්ව පරාජය කිරීමෙන් පස්සේ මොකක්ද අපි ගොඩනගන වැඩපිළිවෙළ කියන එක සම්බන්ධයෙන් එලෙසින්ම අපි අවධානය යොමු කළ යුතුව තියෙනවා.
 ගෝඨා ගෝ හෝම් ඇත්ත. ගෝඨා ගෙදර යන්න ඕන. රාජපක්ෂ පවුල ගෙදර යන්න ඕන ඒක පිළිබඳ කිසිම  තර්කයක් නෑ. රාජපක්ෂ ලත් එක්ක එකතු වෙලා මේ රට කොල්ල කාපු කැබිනට් මණ්ඩලයේ සහ අනිකුත් මේ ආණ්ඩුවේ වගකිව යුතු අය ගෙදර යන්න ඕන.
 ඒක සම්බන්ධයෙන් කිසිම විවාදයක් නෑ.
 හැබැයි අපි බලන්න ඕනා ගෝඨා ගෙදර යවලා අපි යන්නේ කොහෙටද කියන කාරණය මෙතැනදි අතිශය වැදගත්.

මේ වෙනකොට විවිධ යෝජනා ඉදිරිපත් වෙමින් තියෙනවා. කැබිනට්ටුව ගෙදර යයි කියලා වාර්තා කරලා තියෙනවා. අපි දන්නෑ තාම නිල වශයෙන් කීදෙනෙක් ඉල්ලා අස්වුණා ද.
 කී දෙනෙක්ගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් භාර ගත්තද කියලා අපි දන්නේ නෑ නමුත් අපි දන්නවා කැබිනට්ටුව ඉල්ලා අස්වෙන සාකච්ඡා තියනවා අගමැති ඉල්ලා අස්වෙන සාකච්ඡා තියෙනවා.
 පහුගිය දවස්වල ආණ්ඩුවෙන් ඉවත් වෙච්ච සමහර කොටස් අද වෙනකොට අන්තර්වාර ආණ්ඩුවක් ගැන සාකච්ඡා ගෙනල්ලා තියෙනවා අගමැතිවරයාට ඉල්ලා අස්වෙලා එහෙම තමයි පුවත්පත්වල තොරතුරු වාර්තා වෙන්නේ අන්තර්වාර ආණ්ඩුවක් වෙනත් අමාත්‍ය මණ්ඩල පත් කරලා යම්කිසි කාලයකට රට පවත්වාගෙන යන්න තමයි සමහර අය යෝජනා කරන්නේ

 පහුගිය කාලේ ආණ්ඩුවෙන් නෙරප පු සමහර කණ්ඩායම්  මේ විරෝධය තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා ආපහු සැරයක් පාවිච්චි කරන්න උත්සාහ කිරීමක් හැටියට අපි මේක දකිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලියුමක් යවලා තියෙනවා කියලා අපි දැක්කා සතියක කාලයක් දීලා තියෙනවා අන්තර්වාර ආණ්ඩුවකට යන්න එහෙම නැත්නම් ඔවුන් ආණ්ඩුවට දෙන සහය ඉවත් කරනවා කියලා.
 මේ අය තමයි තුනෙන් දෙකේ බලය හදලා දුන්නේ මේ අය තමයි ඒකාධිපති ව්‍යවස්ථා හදන්න සහාය දුන්නේ.
 ජනතාවට ජීවත් වෙන්න බැරි වෙන තත්ත්වයේ විනාශයකට රට ඇදලා දමන්න තීන්දු තීරණ ගත්ත කණ්ඩායම තමයි මේ. නැවත සැරයක් මේගොල්ලෝ මේ අර්බුදය තමන්ට වාසිදායක ලෙස කළමනාකරණය කිරීමේ උත්සාහයක නිරත වෙනවා.

 දශක හතකට වැඩි කාලයක් මේ රට පාලනය කරපු මාරුවෙන් මාරුවට මේ රට පාලනය කරපු ඒවාට විවිධාකාර සහාය දුන්නු සියලුම අයගේ වගකීමක් මේ රට මෙතරම් තත්ත්වයකට පත් කරලා තියෙන්නේ.
 මේ ණය්අ ර්බුදය ඩොලර් සංචිත හිඟය  ජාතික ආර්ථිකය ශක්තිමත් නොවීම අපට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා පිට රටවල් වලින් ගෙන්නන්න වෙන තත්ත්වයට පත් වෙලා තිබීම. මේවට රාජපක්ෂ පාලනය වගකියන්න ඕන වගේම ගෙවිච්ච අවුරුදු 74 ක මාරුවෙන් මාරුවට ආපු සියලුම දේශපාලන පක්ෂ මේකට වගකියන්න ඕන
 සමහර වමේ කියන දේශපාලන පක්ෂ වලට පවා මතයක් හදන්න සමත්වෙලා තියෙනවා අයි එම්ය එෆ් යන්නේ       නැතුව වෙන කරන්න දෙයක් නෑ කියලා.
 මේ අර්බුදයට වගකියන්න ඕන ජාත්‍යන්තර කණ්ඩායම් මූල්‍ය ආයතන පවා මේ අර්බුදය තමන්ට වාසි සහගත ලෙස කළමනාකරණය කරන උත්සාහයක් තියෙනවා.
 අපි දැක්කා ඊයේ පෙරේදා අසල්වැසි ඉන්දියානු බලපෑම අතිශය බලවත් වෙලා තියෙනවා.

 අර්බුදය පාවිච්චි කරලා ඔවුන්ට අහිමි වෙලා තිබිච්ච ලංකාවේ භූ දේශපාලන බලය ආපහු සැරයක් තහවුරු කිරීම සඳහා ඒ අවස්ථාව පාවිච්චි කරනවා.
 ඔවුන් බලන්නේ කොහොමද මේ ලාංකීය දේශපාලන අර්බුදය අස්සේ තමන්ගේ දේශපාලනයට අත පාවා ගන්නේ.
 පහුගිය කාලේ රාජපක්ෂ පාලනය විසින් වැඩිපුර චීන නැමියාවක් සහිතව ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කොහොමද මේ ඉන්දියානු කරන ය ක ට ලක් කරන්නේ.
 ඒගොල්ලො ත්‍රීකුණාමල වරාය විතරක් නෙමෙයි හම්බන්තොට මත්තල ඒගොල්ලො අද   වෙ න කොට උතුරු නැගෙනහිර පළාතේ විවිධ ඉඩම් විවිධ නාව්ක වශයෙන් වැදගත් ස්ථාන වරායවල් ගුවන් තොටුපලවල් කොහොමද ඔවුන් කටයුතු කරමින් ඉන්න එක අපට පේනවා.
 පේරාදෙණිය රෝහලේ වෛද්‍ය වරයෙක්  ඉදිරිපත් කරපු ඖෂධ හිඟය සම්බන්ධ ප්‍රශ්නයට ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහත්තයා දක්වපු ප්‍රතිචාරය.
 එතරම් සමීප ලෙස මැදිහත් වීමට ඔවුන් දැන් මේ අර්බුදය කළමනාකරණය කරමින් තියෙනවා.
 පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩනැගෙන ජනතාව ආණ්ඩුවකින් ඇරෙන්න මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න බෑ.
 මේ ජනතාව ආණ්ඩුවෙන් ගේන යෝජනා බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවක් ක්‍රියාත්මක කිරීමට බැඳිලා ඉන්න තත්ත්වයක් අපි හදමු.
 එකපාරම අපි කියන මේ ජන බල ආණ්ඩුව ජන බල සභා රටේ වෙනම මධ්‍යස්ථානයක් ගොඩ නැඟූ පමණින්ම රටේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ.
 ඒ නිසා අපි කෙටිකාලීන යෝජනා සහ දිගු කාලීන යෝජනා සකස් කරන්න ඕනේ.
 ගෝඨාභය ආණ්ඩුවට තියෙන විශ්වාසය බරපතල ලෙස බිඳ වැටිලා. ඒකෙන් කියන්නෙ නෑ කලින් තිබුණා ආණ්ඩුවලට ලොකු විශ්වාසයක් තිබුන කියලා.
 මං දැක්කා පහුගිය  දවස් වල සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා තියෙනවා මට මේ දැනටමත් රටවල් කිහිපයක් තෙල් දෙන්නම්  කියලා තියෙනවා.
 මේ වගේ සුරංගනා කතා වලින් මේක ගොඩ යන්නේ නෑ

 අපි පක්ෂ භේදයකින් තොරව ජනතා විමුක්ති පෙරමුණ වෙන්න පුළුවන් පොහොට්ටුවට ඡන්දේ දුන්න අය වෙන්න පුළුවන්. සමගි ජන බලවේගය ට ඡන්දය දුන්න අය වෙන්න පුළුවන් දෙමළ ජාතික සංධානයට ඡන්දය දුන්න අය වෙන්න පුළුවන් මේ සියලුම බලවේගයන් එක්ක ගොඩනැගිච්ච ජන බල සභාවක් ජනතා කවුන්සිලයක් තමයි අපේ යෝජනාව තියෙන්නෙ.
 රාජපක්ෂලාට නිකන් යන්න දෙන්න බෑ මෙතරම් කාලයක් හොරකම් කරපු ධනය නැවත මේ රටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා පාවිච්චි කරන්න ඕන