28 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsආණ්ඩුවේ රාජ්‍ය වියදම් අඩුකිරීම ගැන මන්ත්‍රී චාමර සම්පත්ට ගැටලුවක් වෙලා

ආණ්ඩුවේ රාජ්‍ය වියදම් අඩුකිරීම ගැන මන්ත්‍රී චාමර සම්පත්ට ගැටලුවක් වෙලා

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඕනෑවට වඩා සාමාජිකයින් පත් නොකරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එන්.එච් අබේරත්න මහතාට අද පාර්ලිමේන්තුවේදී අතුරු ප්‍රශ්නයක් නගමින් පැවසීය.

මීට පෙර සභාපතිවරයා සමග සිටියේ 06 දෙනෙක් පමණක් බව කීවේය. රාජ්‍ය වියදම් අඩු කිරීමේ ප්‍රතිපත්තියක් ගැන කථාකරන වත්මන් රජය මෙලෙස වැඩි පිරිසක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත්කිරීම රජයටත් විපක්ෂයටත් හොඳ නැතැයි ද කීවේය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසූවේ එම කොමිසමට පත්කළ යුතු අවම සාමාජිකයින් ගණන 03ක් බවත් උපරිමය සීමාවක් නැති බවය. මීට පෙරද මෙම කොමිසමේ සභාපතිවරයා සමග සාමාජිකයින් 08 දෙනෙකු සිටි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වියදමට වඩා විශාල මුදලක් රජය වෙනත් ආකාරයකින් ඉතිරි කර ඇතැයිද කීවේය.