29 C
Colombo
Saturday, March 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය සම්පූර්ණ කර ඇත. මෙමගින් ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම වෙනුවෙන් වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ) මූල්‍යන පහසුකමකට ක්ෂණික ප්‍රවේශයක් ලබා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ දක්වා ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු මූල්‍ය සහාය වි.ගැ.හි. බිලියන 1.02ක් හෙවත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.34ක් පමණ වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩිදුර වාර්තා අනුව, වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇත. 2024 වසරේ දෙසැම්බර් මස අවසානය සඳහා වූ සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්කය හැර අනෙකුත් සියළුම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරාගෙන තිබේ. 2025 වසරේ ජනවාරි මස අවසානය වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයකින් යුතුව ක්‍රියාත්මක කර ඇත.

මෑතකදී අවසන් කරන ලද ණය ප්‍රතිව්‍යූහගතකරණ කර්තව්‍යයන් ණය තිරසාරභාවය ඇති කිරීමේ ගමන් මගෙහි සාර්ථක ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැක.