25 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇවන්ගාඩ් සභාපති රටින් පැන යයි - අත්අඩංගුවට ගන්නා ලෙස පෙත්සමක්

ඇවන්ගාඩ් සභාපති රටින් පැන යයි – අත්අඩංගුවට ගන්නා ලෙස පෙත්සමක්

ඇවන්ගාඩ් සභාපති නිශ්ෂංක සේනාධිපති රටින් පැන ගොස් තිබේ.

ජාතික ජන බලවේග මන්ත්‍රී විජිත හේරත් විසින් මේ බව අද (05) උදෑසන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අද පාර්ලිමේන්තුවේදී මහජන පෙත්සම් ඉදිරිපත් කළ අවස්ථාවේ හෙතෙම මේ බව අවධාරණය කළේය.

රටින් පැන ගිය සේනාධිපති වහාම ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත් රටින් පැන යාමට සිටින අනිකුත් අය වළක්වන ලෙසත් මන්ත්‍රීවරයා එහිදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. සේනාධිපති වහා අත්අඩංගුවට ගැනීමට තමා මහජන පෙත්සමක් ලෙස ඉදිරිපත් කරන බව ඔහු පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.