― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 42ක් ස්වාධීන වෙයි

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 42ක් ස්වාධීන වෙයි

මේ වනවිට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 42 දෙනෙකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, ෂාන් විජයලාල් ද සිල්වා, ශාන්ත බණ්ඩාර, දුෂ්මන්ත මිත්‍රපාල, සුරේන් රාඝවන්, අන්ගජන් රාමනාදන්, සම්පත් දසනායක ස්වාධීනව කටයුතු කරයි.

ආණ්ඩු පක්ෂයේ පක්ෂ 10ක් නියෝජනය කරමින් විමල් වීරවංශ, උදය ප්‍රභාත් ගම්මන්පිල,
වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ටිරාන් අලස්, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න, මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, ඒ. එල්. එම් අතාවුල්ලා, ගයාෂාන් නවනන්ද, ජයන්ත සමරවීර, උද්දික ප්‍රේමරත්න යන මන්ත්‍රීවරුන් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

පොදුජන පෙරමුණෙන් අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත්,
චන්දිම වීරක්කොඩි, නලීන් ප්‍රනාන්දු, නිමල් ලාන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පියංකර ජයරත්න, ජයරත්න හේරත් යන මන්ත්‍රීවරුන් ස්වාධීනව කටයුතු කරයි.

අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය පක්ෂයේ එස්. එම්. එම්. මුෂාරෆ් මන්ත්‍රීවරයා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ස්වාධීනව කටයුතු කරන බවට ප්‍රකාශ කර තිබේ.