26 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅත්අඩංගුවට ගන්න එපා - දේශබන්දුගෙන් රිට් පෙත්සමක්

අත්අඩංගුවට ගන්න එපා – දේශබන්දුගෙන් රිට් පෙත්සමක්

2023 වසරේ මාතර වැලිගම ඩබ්ලිව්. 15 හෝටලයට එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් ඉල්ලමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය නීතිඥයින් හරහා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම අද (10) දින අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන විනිසුරුවන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීම සඳහා ඉදිරිපත් කෙරුණි.

විනිසුරු මඩුල්ල වග උත්තරකරුවන්ට නොතිසි ලබාදීමෙන් පසු, ලබන 12 වැනිදා පෙත්සම සලකා බැලීමට නියම කළේය.