28.2 C
Colombo
Friday, March 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවෛද්‍යවරියට හදි කළ නරුමයාගේ නිවසේ ජීව අත්බෝම්බයක්

වෛද්‍යවරියට හදි කළ නරුමයාගේ නිවසේ ජීව අත්බෝම්බයක්

වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුගේ නිවසේ තිබී ජීව අත්බෝම්බයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

ගල්නෑව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව අද (14) පෙරවරුවේ සැකකරු පදිංචිව සිටි ගල්නෑව නිවස පරීක්ෂා කිරීමේදී මෙම ජීව අත්බෝම්බය හමුවී තිබේ.

වෛද්‍යවරියගේ අතුරුදහන් වූ ජංගම දුරකථනය සොයා ගැනීම සඳහා සිදු කරන ලද වැටලීමේදී මෙම ජීව අත්බෝම්බය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (13) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, අධිකරණය විසින් පොලීසියට පැය 48ක කාලයක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.