28.7 C
Colombo
Monday, March 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅඹුසැමි යුවළක් බියගන්වා කාර් රථය, මුදල් හා රන් භාණ්ඩ කොල්ලකයි

අඹුසැමි යුවළක් බියගන්වා කාර් රථය, මුදල් හා රන් භාණ්ඩ කොල්ලකයි

කාර් රථයක්, මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රීකුණාමලය, සංඝමිත්තා වෙරළ තීරය අසල ඇති මුවන් නැරඹුම් ස්ථානයට ඊයේ (16) දහවල් කාලයේදී පැමිණි අඹුසැමි යුවළකගෙන් කාර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් තර්ජනය කර බියගන්වා ඔවුන්ගේ කාර් රථය, මුදල් හා රන් ආභරණ කොල්ල කා පලා ගොස් ඇත.
ත්‍රීකුණාමලය පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන මෙහෙයුමේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සඳහන් වේ.
ඊයේ සවස කින්නියා පාලම අසලදී ත්‍රීකුණාමලය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ගත් බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34 හා 35 වයස්වල පසුවන ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
කොල්ලකන ලද කාර් රථය, කොල්ලකරුවන් පැමිණි කාර් රථය හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු හා දේපළ අත්අඩංගුවට ගැනීමට ත්‍රීකුණාමලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.