30 C
Colombo
Tuesday, March 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅස්වැසුම වෙනස් වුණ හැටි

අස්වැසුම වෙනස් වුණ හැටි

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

මෙම යෝජනා ක්‍රමය 2023-07-01 දින සිට ක්‍රියාත්මක කර ඇති අතර, 2024-12-21 දිනැති අංක 2415/66 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අවසන් වරට සංශෝධනය කරනු ලැබ තිබේ.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව, 2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු තුළින් වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ දැනට පවතින අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය පහත සඳහන් ආකාරයට සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත:

  • අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ I වන උපලේඛනයේ සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමිවන කාලය 2025-04-30 දක්වා දීර්ඝ කිරීම.
  • II වන උපලේඛනයේ සඳහන් ආබාධ සහිත පුද්ගලයින් සහ වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන මාසික ආධාර මුදල රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වාද, වැඩිහිටි පුද්ගලයින් සඳහා වන මාසික ආධාර මුදල රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වාද ඉහළ නැංවීම. මෙම වැඩි කිරීම් 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇත.
  • II වන උපලේඛනයේ සඳහන් ආබාධිත පුද්ගලයින්, වකුගඩු රෝගීන් සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා වන දීමනා ගෙවීම් කාලසීමාව 2025-12-31 දක්වා දීර්ඝ කිරීම.
  • 2025 අප්‍රේල් මාසයෙන් පසුව සංක්‍රාන්තික සමාජ කාණ්ඩය යටතේ දීමනා ගෙවීම නතර කළද, එම පවුල්වල සිටින ආබාධිත පුද්ගලයින්, වකුගඩු රෝගීන් සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා ලබා දෙන ප්‍රතිලාභ 2025-12-31 දක්වා දීර්ඝ කිරීම.
  • නව අයදුම්කරුවන් ලෙස ඉදිරිපත් වන ආබාධිත පුද්ගලයින් සහ වකුගඩු රෝගීන්ගේ අයදුම්පත් උපරිම සීමාවට යටත්ව සලකා බලා, සුදුසුකම් ලබන අයට 2025-12-31 දක්වා අදාළ දීමනා ගෙවීම.