හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පමණක් නොව, තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් අසා සිටියේ, දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට නොගැනීමට හේතුව රජය සමග ඇති වෙනත් ගනුදෙනුවක් නිසා ද යන්නයි.
මේ අතර, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වැඩතහනම් කිරීම සම්බන්ධයෙන් රජය ගත් තීරණය කුමක් දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියහ. ඒ පිළිබඳව අමාත්‍යවරයා පැහැදිලි කරමින් පවසා සිටියේ, ඉදිරියේ දී පොලීසිය භාර අමාත්‍යවරයා විසින් දැනුම්දෙනු ඇති බවයි.
කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේද ප්‍රකාශ කළේය: “දේශබන්දු තෙන්නකෝන් පමණක් නොව, තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇත. ඔබ අපට කියන්නේ, ප්‍රසන්න රණවීර සමග යම් ගනුදෙනුවක් ඇති බවයි. අපි ඔහුවත් සොයමින් සිටිනවා. සෙව්වන්දිවත් සොයමින් සිටිනවා. තවත් ඔබ නම් නොදන්නා කිහිප දෙනෙකු සොයමින් සිටිනවා. පොලිස් කණ්ඩායම් යොදවා ඇත. ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් 13 දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත. නඩු පැවරීම ආරම්භ කර ඇත. ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ බන්ධනාගාර ජේලර්වරයෙකුද සිටිනවා. මෙම පරීක්ෂණ ක්‍රියාවලියේදී, රාජ්‍ය යාන්ත්‍රණය තුළටම නිලධාරීන් අත්අඩංගුවට ගැනීම දක්වා විහිදී ඇත. පොලීසිය උපරිමයෙන් කටයුතු කරමින් සිටී. ඒ නිසා ගැලවීම අපහසුය. අප හෝ පොලීසිය නොදන්නා කරුණු ඔබ දන්නවා නම්, ඒවා ඉදිරිපත් කිරීම හොඳය. නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වන බවට සහතික විය හැකිය.”