28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහයිටි සරණාගතයට එරටින්ම ප්‍රහාර

හයිටි සරණාගතයට එරටින්ම ප්‍රහාර

හයිටි රාජ්‍යයේ පසුගියදා සිදු වූ භූමි කම්පාවෙන් අනතුරුව අමෙරිකාවට පලා ගිය දස දහස් ගණන් සරණාගතයන් ආපසු සිය රටට ගුවනින් හරහා යැවීමට කටයුතු කිරීම නිසා කෝපයට පත් එරට වැසියන් යළි පැමිණෙන පිරිසට පහර දෙන බව වාර්තා වේ. පසුගිය අඟහරුවාදා (21දා) මෙසේ පෝර්ට්-අවු-ප්‍රින්ස් ගුවන් තොටුපළට පැමිණි මුල්ම සරණාගතයන් පිරිස එරට ගොඩබට වහාම අවට සිටි අය සෙරෙප්පු සපත්තුවලින් පහර දෙන්නට වීම නිසා ඔවුන් නැවත තමන් පැමිණි ගුවන් යානාවලටම දුවගොස් සැඟවී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

පසුගිය කාල සීමාව අතරතුර ටෙක්සාස් දේශසීමාව හරහා රටට ඇතුළු වූ සරණාගතයන් නැවත තමන් පැමිණි පළාතටම හරවා යැවීමේ වැඩ පිළිවෙළක් අමෙරිකාව ක්‍රියාත්මක කර ඇත. අමෙරිකාවේ ටෙක්සාස්හි ඩෙල් රියෝ සහ මෙක්සිකෝවේ සියුඩෑඩ් අකුනා යා කරන පාලම යටින් 13,000කට අධික සරණාගතයන් පිරිසක් අමෙරිකාවට පැමිණීමට උත්සාහ ගනිමින් සිටින බව නිරීක්ෂණය වී ඇත. තවත් වාර්තාවකට අනුව හයිටි ජාතිකයන් බහුතරයකින් සමන්විත සරණාගතයෝ පිරිසක් කොලොම්බියා සහ පැනමා දේශසීමාව අසල රැස් වී සිටිති.