28.9 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග එම තනතුරෙන් පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඔහු පසුගිය දෙසැම්බර් 16වැනිදා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් සිය ධුරයේ වැඩ භාරගත් අතර, ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ද වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බව සඳහන් වේ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මනතුංග මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය හා විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද, විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ද ලබා ඇත.

2014.01.01 දින සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට සම්බන්ධ වූ ඔහු, 2020.01.01 දින පොලිස් අධිකාරී තනතුරට සහ 2024.01.01 දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලැබුවේය.

ඔහු දේශීය පුහුණුවලට අමතරව රුසියාව, තායිලන්තය, පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවල පොලිස් සේවයට අදාළ පුහුණු පාඨමාලා රාශියක් හදාරා ඇති අතර, මහනුවර හා ත්‍රිකුණාමලය කොට්ඨාශවල සේවය කිරීමෙන් අනතුරුව මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ, පොලිස් මාධ්‍ය අංශයේ සහ මහජන සම්බන්ධතා අංශයේ වැඩබලන අධ්‍යක්ෂ, නීති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ සහ කන්තලේ කොට්ඨාශ භාර නිලධාරි ලෙස සේවය කර තිබේ.