31.7 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅසාද් සාලිට ඇප නෑ

අසාද් සාලිට ඇප නෑ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (24) ප්‍රතික්ෂේප කළේය.

ඇප ඉල්ලීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනටමත් මහාධිකරණ අංක දෙකෙහි අධි චෝදනා ගොනු කර ඇති බවත්, ඇප ඉල්ලීම එම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වසන්ත පෙරේරා මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.

එම දැනුම් දීමෙන් පසුව අසාද් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප අයදුම් ඉල්ලා අස් කර ගන්නා බව අධිකරණයට දන්වා සිටියේය.

ඇප අයදුම් පත්‍රය ඉල්ලා අස් කර ගැනීමෙන් පසුව එය ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. කොළඹදී මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් කළ ප්‍රකාශවලට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණ අංක 2හි අධිචෝදනා ගොනු කර ඇති බව වසන්ත පෙරේරා මහතා පැවසීය.

එම අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ නම් විත්තිකරු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා සූදානම් බවද පැවසීය.

විත්තිකරුට එරෙහිව දැනටමත් වෙනත් අධිකරණයක් ඉදිරියේ අධිචෝදනා පත්‍ර ගොනු කර තිබෙන හෙයින් මේ ඇප ඉල්ලීම සලකා බැලීමට තමන්ට හැකියාවක් නැති බව මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ප්‍රකාශ කළේය.

සැකකරු ඇප මත මුදා හැරීම සඳහා අවශ්‍ය අනුමැතිය පළ කිරීමට නීතිපතිවරයා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇති බවට තමාට දැන ගන්නට ලැබී ඇති බව අසාද් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.

කෙසේ වෙතත් තමා එම ඇප ඉල්ලීම ඉල්ලා අස් කර ගන්නා අතර, නිසි අධිකරණය ඉදිරියේ නැවත එය ඉදිරිපත් කරන බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ පැවසීය.

රෝෂන් තුෂාර