30 C
Colombo
Friday, May 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනිවසක් බිඳ දේපොළ සොරකම් කළ සුරූපී කාන්තාවන් අත්අඩංගුවට

නිවසක් බිඳ දේපොළ සොරකම් කළ සුරූපී කාන්තාවන් අත්අඩංගුවට

නිවසක් බිඳ දේපොළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියන් තිදෙනෙකු මොරටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

පසුගිය මාර්තු 24 වනදා මොරටුව පොලිස් වසමේදී නිවසකට ඇතුළුවී රුපියල් 639,000ක මුදලක් සොරකම් කළ බවට කාන්තාවන් තිදෙනෙකු සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් අනුව වැටලීමක් සිදුකර, ඊයේ (03) දහවල් මොරටුව පොලිස් වසමේ කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවලදී මෙම අපරාධයට සම්බන්ධ සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 33 හා 47 යන වයස්වල පසුවන කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

සොරකම් කළ දේපොළවලින් කොටසක් දැනටමත් පොලිස් භාරයට ගෙන ඇති අතර, මොරටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.