ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොවටම බලපාන පරිදි අපනයන භාණ්ඩ සදහා පැනවූ තීරු බදු නිසා ශ්‍රී ලංකාවේ ලක්ෂයකට රැකියා අහිමි වන බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ තවදුරටත් දක්වා ඇත්තේ, රජයට තීරු බදු සහ සුරා බදුවලින් ඇස්තමේන්තුගත ආදායම ලබාගැනීමට නොහැකිවී යන බවත්, ලංකාවේ පමණක් නොව අසල්වැසි රටවලද පිරිහෙන ආර්ථිකය නිසා දේශපාලන කැළඹීම් ඇතිවිය හැකි බවත් ය.