30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsචීන ආනයනවලට අමෙරිකාවෙන් දැවැන්ත තීරු බද්දක්

චීන ආනයනවලට අමෙරිකාවෙන් දැවැන්ත තීරු බද්දක්

චීන ආනයන සඳහා අමෙරිකා එක්සත් ජනපදය 104%ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. එම බදු අද (09) සිට ක්‍රියාත්මක වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට පැනවූ නව තීරු බදු මේ වනවිට ලොව පුරා දැඩි අවධානයට ලක්වූ මාතෘකාවක් බවට පත්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා චීනයට පැනවූ නව තීරු බදුවලට ප්‍රතිචාර වශයෙන් චීනය විසින් අමෙරිකාවට පනවන ලද තීරු බදු ද ලොව පුරා අවධානයට ලක්විය.

චීන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් 34%ක නව තීරු බදු පැනවීමට ගත් පියවරට ප්‍රතිඋත්තරයක් ලෙස අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය ද 34%ක බද්දක් පැනවීමට කටයුතු කළේය. මෙම තීරණයට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය 07 වනදා ප්‍රකාශ කළේ, අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු චීනය විසින් ඉවත් නොකළහොත්, චීනයෙන් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා තවත් 50%ක අමතර බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බවයි.

මෙයට ප්‍රතිචාර දක්වමින් චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ, ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවයි. මෙවැනි පසුබිමක් තුළ අමෙරිකාව විසින් චීන ආනයන සඳහා 104%ක බද්දක් පැනවීමට තීරණය කර තිබේ.