29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති, අගමැති රකින්න විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

ජනපති, අගමැති රකින්න විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති නිවස හා අගමැති නිවසට ආරක්ෂාව සැපයීම සඳහා විශේෂ වැඩපිළවෙළක් ආරක්ෂක හමුදා හා පොලිසිය ඒකාබද්ධව ක්‍රියාවට නංවා තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පොලිසියෙන් කරන ලද ඉල්ලීමක් අනුව අපේක්ෂිත සේවා සපයන ලෙසත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් තමාට සපයන ලෙසත් දන්වමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා විශේෂ කාර්ය බළකාය භාර නියෝජ්‍ය පොලිස්පති වෙත උපදෙස් දී ඇත.

ඒ අනුව කොළඹ පිහිටි මර්මස්ථානවලට ත්‍රිවිධ හමුදා භට කණ්ඩායම් යෙදීමටත් පොලිස් මාර්ග බාධකවලට නිශ්චිත දුරකින් ඒවා ස්ථානගත කිරීමටත් තීරණය කර ඇත.