32 C
Colombo
Monday, April 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසිරි දළදා වන්දනාවේ 04 වැනි දිනය අදයි

සිරි දළදා වන්දනාවේ 04 වැනි දිනය අදයි

“සිරි දළදා වන්දනාව” අද (21) 04 වැනි දිනටත් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අද (21) දහවල් 12.00 ට සිට පස්වරු 5.30 දක්වා දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ හැකියාව බැතිමතුන්ට පවතිනවා.

අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව ජනතාවට උදාවූයේ පසුගිය 18 වනදා සිටයි.

ලබන 27 වනදා දක්වා දින 10ක් පුරා දළදා වන්දනාව පැවැත්වෙන අතර සුදු වතින් සැරසී පැමිණෙන ලෙසයි මහා නායක ස්වාමීන් වහන්සේ ජනතාවට දැනුම් දෙන්නේ.

සිරි දළදා වන්දනාව ආරම්භ කළ පළමු දින තුනේදී දළදා වහන්සේ දැක වැඳපුදා ගැනීමට ලක්ෂ තුනකට ආසන්න සැදැහැවතුන් පිරිසක් එක්ව ඇතැයි මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා පවසනවා.

පළමු දින (18) සහ දෙවැනි දින (19) සහ තෙවැනි දින යෙදුණු ඊයේ (20) දිනයේදී මෙසේ තුන් ලක්ෂයක් පමණ වන ජනකායක් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණ තිබෙනවා.

දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අතිවිශාල සැදැහැවතුන් පිරිසක් තවදුරටත් පෝලිම්වල රැඳී සිටින අයුරු දැකගත හැකියි බවයි වාර්තා වන්නේ.

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක ජනතාව මෙලෙස පෝලිම්ගත ව සිටිනවා.

ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක්, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් වශයෙන් ප්‍රවේශ මාර්ග ඔස්සේ මාලිගාවට ඇතුළු වීමේ හැකියාව පවතිනවා.

සැදැහැවතුන් වෙනුවෙන් ලබාදී තිබූ, ආහාර, සෞඛ්‍ය, සනීපාරක්ෂක ඇතුළු සියලු පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

නගරයේ පවිත්‍රතාව සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කරන ලෙසයි මහා සංඝරත්නය ජනතාවට දැනුම් දෙන්නේ.

දළදා වන්දනාව සඳහා පැමිණෙන පිරිස අතර විදේශිය ජාතිකයන් ද විශාල පිරිසක් දක්නට ලැබෙනවා.

මෙයට අමතරව ආබාධ සහිත ජනතාවට දළදා වන්දනාව සඳහා විශේෂ පහසුකම් සැලසීමට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පියවර ගෙන තිබෙනවා.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැඳැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා අද (21) දිනයේ ද විශේෂ දුම්රිය සහ බස් රථ සේවා ක්‍රියාත්මකයි.