28.2 C
Colombo
Wednesday, April 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබීමත්ව රිය පැදවූ අපේක්ෂකයකු අත්අඩංගුවට

බීමත්ව රිය පැදවූ අපේක්ෂකයකු අත්අඩංගුවට

බීමත්ව ත්‍රීරෝද රථය ධාවනය කල අඹගමුව ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරුට එරෙහිව (23) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගිනිගත්හේන පොලිසිය විසින් නෛතික පියවර ගෙන ඇත.

සැකකරු අධික ලෙස බීමත්ව ඔහුට අයත් ත්‍රීරෝද රථය ධාවනය කරවන අවස්ථාවේ ගිනිගත්හේන පොලිසියේ රාත්‍රියේ මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිළධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු (23) දින මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් නොවී නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණය වෙත කරුණු වාර්ථා කිරිමෙන් අනතුරුව යලිත් එම නඩුව ජූනි මස දෙවනි දිනට කැදවීමට හැටන් දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් එම්. ෆරුක්ඩීන් මහතා නියෝග කළේය.