30 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශබන්දු තෙන්නකෝන් අද චෝදනා විමර්ශන කමිටුව හමුවට

දේශබන්දු තෙන්නකෝන් අද චෝදනා විමර්ශන කමිටුව හමුවට

සිය ධුරයේ බලතල අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුව හමුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා පළමු වතාවට අද (19) පෙනී සිටීමට නියමිතයි.

විමර්ශන කමිටුව අද (19) පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වෙන අතර ඒ අවස්ථාවේදී කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාට දැනුම් දී තිබෙනවා.

එහි දී චෝදනා 22ක් සහිත චෝදනා පත්‍රයක් දේශබන්දු තෙන්නකෝන් මහතාට කමිටුව විසින් භාර දීමට නියමිතයි.

තමන් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය කාලයක්ද ඔහුට ලබා දීමට කමිටුව කටයුතු කරනු ලබනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මේ කමිටුව විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විතයි.

මෙම කමිටුව පළමු වතාවට අප්‍රේල් 23දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර ඉන් පසුව පරීක්ෂණ කමිටුව අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වුණා.

කමිටුවේ සහාය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද පත් කෙරුණා.