29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය මගියාගේ ගමන්මල්ලේ කෝටි 4ක කුෂ්

ඉන්දීය මගියාගේ ගමන්මල්ලේ කෝටි 4ක කුෂ්

ඉන්දියාවේ නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරයේ වරායට සිවගන්ගායි නමැති මගී යාත්‍රාවේ පැමිණි ඉන්දියානු මගියකුගේ ගමන් මල්ලක තිබී රුපියල් ලක්ෂ 410කට වැඩි වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු පරීක්ෂාවේදී පසුගිය 16දා අත්අඩංගුවට ගෙන ඇත.

33 හැවිරිදි වියේ පසුවන සැකකරු රැගෙන පැමිණි සූට්කේස් දෙක පරීක්ෂා කිරීමේදී ඒවායේ සකස් කරන ලද ව්‍යාජ පතුල්වල සඟවා තිබූ කුෂ් ග්‍රෑම් 4120ක් සොයාගෙන ඇත.

රේගු නිලධාරීන් විසින් මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට පියවර ගෙන ඇත.