29.5 C
Colombo
Thursday, May 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකුඩු සළිඳු රතු නිවේදන වළක්වන නියෝගයක් ඉල්ලයි

කුඩු සළිඳු රතු නිවේදන වළක්වන නියෝගයක් ඉල්ලයි

තමන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය (21) නියම කළේය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණ.

මෙම පෙත්සම්කරු 2023 වසරේ මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවත් ඉන්පසුව රඳවා තබා විමර්ශන සිදුකළ බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.
පසුව සැකකරු මුදා හැරීමෙන් අනතුරුව ඔහු රටින් පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා රටින් පලා ගොස් සිටින පුද්ගලයෙකුට මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළ නොහැකි බව පෙන්වා දුනි.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ තම සේවාදායකයාට බරපතළ තර්ජන එල්ල වී ඇති බැවින් ඇතිවූ බිය නිසා ඔහු රටින් පලාගොස් ඇති බවය.