27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම ගැන දැනුම්දීමක්

අස්වැසුම ගැන දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මැයි මසට අදාළ දීමනාව අද (22) ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරයි.

මෙලෙස අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් 1,423,895 (දාහතර ලක්ෂ විසිතුන් දහස් අටසිය අනූපහක්) සඳහා රුපියල් මිලියන 11274 (11,274,314,000.00)ක මුදලක් අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.

ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට තමාට හිමි ප්‍රතිලාභී දීමනා අද (22) සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකිය.