27.5 C
Colombo
Thursday, May 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වර්ජනයක් අරඹයි

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වර්ජනයක් අරඹයි

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ් සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරු 08 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය, උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මෙම ක්‍රියාවට හේතුව විය.

පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැහැදිලි කළේ, ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි. ඊට අමතරව, ඉදිරියේදී පරිපූරක වෛද්‍ය සේවාවට අයත් අනෙකුත් වෘත්තීය සමිති මෙම වැඩවර්ජනයට සහය දක්වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

අනෙක් අතට, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීම සම්බන්ධ නිවැරදි චක්‍රලේඛය සතියක් ඇතුළත නිකුත් කළ යුතු බවයි. සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අනතුරු ඇඟවූයේ මෙය නොකෙරුනහොත් අනාගතයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වනු ඇති බවයි.