― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅලුත් අවුරුද්දේ සිරකරුවන්ට විශේෂ වරප්‍රසාදයක්

අලුත් අවුරුද්දේ සිරකරුවන්ට විශේෂ වරප්‍රසාදයක්

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් මෙම මස 12 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුළ සිරකරුවන්ට ඥාතීන් තිදෙනකු (03) හමුවීම සදහා වි‍ශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව එක් සිරකරුවෙකු හමුවීම සඳහා ඔහුගේ/ ඇයගේ ඥාතීන් තිදෙනෙකුට හමුවීම මෙන්ම සිරකරුගේ ඥාතීන් විසින් නිවසේදී සකස්කර රැගෙන එනු ලබන බත් පාර්සලයක් හා රස කැවිලි එක් සිරකරුවෙකුට ප්‍රමාණවත් පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී තිබේ.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම කටයුතු සිදු කරනු ලබන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන/පුනරුත්ථාපන ) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

සිරකරුගේ ඥාතියකුට ‍හෝ ඔහු විසින් නම් කරනු ලබන එක් පුද්ගලයකුට මෙම 12 දින සිට 16 දින දක්වා කාලසීමව තුළ එක් වතාවකදී සිරකරු වෙනුවෙන් මසකට තැන්පත් කරන රුපියල් 2000/- මුදලට අමතරව උත්සව සමය වෙනුවෙන් රුපියල් 1000/- මුදලක් බන්ධනාගාර ආපනශාලාවේ තැන්පත් කර එම තැන්පත් කරන මුදලින් කිරිපි‍ටි, සීනී, රස කැවිලි ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදීම සිදු කළ හැඛිය.

මීට අමතරව තම නිවසින් ආහාර ‍වේලක් රැගෙන එමට අපහසු අමුත්තන් සදහා අපනශාලාවේ තැන්පත් කරන ලද මුදලින් එක් අවස්ථාවකදී බත් පාර්සලයක් සිරකරුට ලබා දිමට අවස්ථාවද සලසා ඇති බවද බන්ධනාගාර කොමසාරිස්වරයා පවසයි.