26.1 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවා අද සිට

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවා අද සිට

පොසොන් උත්ස­වය වෙනු­වෙන් අද (09)‍ සිට 12 දා තෙක් කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පු­ර­යට විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියා­ත්මක කරන බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සඳහන් කරනවා.

ඒ අනුව කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පුර දක්වා දුම්රිය ගමන් වාර 20ක් සහ අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක බව දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී ධම්මික ජය­සු­න්දර මහතා පව­සයි.

අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක වන්නේ නොමිලේ බව ඒ මහතා සඳ­හන් කළා.

අනුරාධපුර වන්දනාවේ පැමිණෙන පිරිස් සඳහා ආපසු යෑමටද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.

ඒ පිළිබඳව තොරතුරු පොසොන් වන්දනා ජංගම යෙදවුම හරහා දැනගැනීමට පහසුකම් සලසා තිබෙනවා.

ජාතික පොසොන් උත්ස­වය සඳහා පැමි­ණෙන බැති­ම­තුන්ගේ පහ­සුව සඳහා අවශ්‍ය සිය­ලු‍ ­ක­ට­යුතු මේ වන­විට සූදා­නම් කර­මින් පව­තින බව පොසොන් කමි­ටුව සඳ­හන් කරනවා.

පොසොන් සතිය ලබන 13 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

ප්ලාස්ටික් පොලිතින් වැනි පරිසරය අපවිත්‍රවන ආදිය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, තමන් සතු වටිනා දේපළ සොර සතුන්ගෙන් ආරක්ෂා කර ගන්නා ලෙසත් පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.