23.9 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකුඩු ජාවාරමුන්ගේ කෝටි 400ක දේපොළ තහ­නම්

කුඩු ජාවාරමුන්ගේ කෝටි 400ක දේපොළ තහ­නම්

පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් ඇතුළු නීති­වි­රෝධී ක්‍රියා ඔස්සේ වත්කම් රැස් කර­ගෙන ඇති පුද්ග­ල­යන් 88 දෙන­කුගේ රුපි­යල් කෝටි 400කට අධික දේපොළ නීති­වි­රෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සය විසින් මේ වන විට තහ­නම් කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කළේය.ඒ අතර විශාල ඉඩම් 77ක් ඇතුළු පර්චස් 1500කට අධික ඉඩම්ද, නිවාස හා ගොඩ­නැ­ඟිලි 40කට වැඩි ප්‍රමා­ණ­යක් ද, මැණි­ක්ගල් 12ක් ද, රන් කිලෝ 10කට වැඩි ප්‍රමා­ණ­යක් ද, සුපිරි වෙළෙ­ඳ­ස­ලක් ද, ඔසු­හ­ලක් ද, හෝටල් 02ක් ද, සබන් කුඩු යන්ත්‍ර­යක් ද, වාහන 100කට වැඩි ප්‍රමා­ණ­යක්ද, බහු­දින යාත්‍රා 07ක් ද, පාපැදි 328ක් ද, වල්ලම් 02ක් ද, ඇතුළු දේපොළ ඇති බව එම තොර­තුරු විශ්ලේ­ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වේ. මේසේ දේපොළ තහ­නම් කරන ලද අය අතර පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් 26කගේ දේපොළ ද තිබීම විශේ­ෂි­තය. වැඩිම දේපොළ ප්‍රමා­ණ­යක් තහ­නම් කර­මින් විකි­ණීම, පැව­රීම ආදී කට­යුතු සිදු කිරී­මට නොහැකි වන ලෙස ක්‍රියා­වි­ර­හි­ත­කර ඇත්තේ දෙම­ට­ගොඩ රුවන් නමැති අය­ගේය. ඔහු දෙම­ට­ගොඩ චමි­න්දගේ සහෝ­ද­ර­යාය. නීති­වි­රෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ තොර­තු­රු­ව­ලට අනුව දෙම­ට­ගොඩ රුවන්ගේ තහ­න­ම්කර ඇති දේපො­ළ­වල මුළු වටි­නා­කම සඳ­හන් වන්නේ රුපි­යල් 666,900,000ක් ලෙසිනි. ඊට රුපි­යල් කෝටි 9ක බැංකු ගිණුම් 05ක්, රුපි­යල් කෝටි 38ක් වටිනා ඉඩම් 02ක්, රුපි­යල් කෝටි 20ක් වටිනා වාහන 10ක්, රුපි­යල් කෝටි 2කට වැඩි වටි­නා­ක­මක් ඇති රත්ත­රන් කිලෝ එක­හා­මා­රක්, රුපි­යල් කෝටි 4කට අධික වටි­නා­ක­මක් ඇති නිවාස 02ක්, මෙන්ම රුපි­යල් කෝටි­ය­කට වැඩි වටි­නා­ක­මක් ඇති උකස් පත්‍රිකා තහ­න­මට ලක්කර ඇති දේපොළ අතර ඇතැයි නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ තොර­තුරු සඳ­හන් කළේය.

කුඩු සළිඳු, කුඩු රොෂාන්, මොහො­මඩ් රිෆ්කාන්, වැලි­විට සුදා, කර­න්දෙ­ණිය සුද්දා, ගණේ­මුල්ල සංජීව, ලඩියා, කැවුමා, බටු­වත්තේ චාමර, බාසික්, ඕලු­මරා, බතල හීන්, පරෙයි සුද්දා, කිරින්දේ චාමර ඇතුළු පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් රැස­කගේ දේපොළ තහ­න­මට ලක්ව ඇති මෙම දේපොළ අතර ඇති බව නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ තොර­තුරු අනා­ව­ර­ණය කරයි. ප්‍රධාන පෙළේ ගංජා ජාවා­ර­ම්ක­රු­වෙක් ලෙස හඳු­නා­ගෙන සිටින බතල හීන් නමැ­ත්තාගේ රුපි­යල් කෝටි 10 දේපොළ මෑත­කදී තහ­නම් කළ අතර ඉකුත් සතියේ දී ඔහුගේ බිරි­යගේ නමින් වූ තවත් රුපි­යල් කෝටි 03ක දේපොළ තහ­න­ම්කර තිබේ.

මෙසේ දේපොළ තහ­න­ම්කර ඇති පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් රැසක්ම සිටින්නේ විදේ­ශ­ග­ත­වය. බොහෝ දේපොළ ඔවුන්ගේ ඥාතීන්ගේ නම්ව­ලින් තිබී ඇත.

මෙම දේපොළ තහ­න­ම්කර ඇත්තේ 2021 වසරේ සිට කරනු ලබන විම­ර්ශ­න­යන්ට අනු­වය. ඉදි­රි­යේදී තවත් විශාල පිරි­ස­කගේ දේපොළ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැ­ත්වෙන බවත් ඒ අනුව එම දේපො­ළද තහ­නම් කිරී­මට අවශ්‍ය පිය­වර ගන්නා බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.