එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මහ නගර සභා නාගරික මන්ත්‍රීවරියක් වන යූ. සඳමාලි මහත්මියට ජාතික ජනබලවේගයේ පිරිසක් විසින් පහර දී ඇති බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් තමා මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලිකව සොයා බැලූ බවත් අයිස් ක්‍රීම් දන්සලක සිදු වූ සිද්ධියක් ආශ්‍රයෙන් පරාජයේ වියරුව දරාගත නොහැකිව මෙලෙස අභූත, පදනම් විරහිත චෝදනා එල්ල කරන බව එහිදී අනාවරණය වූ බවයි ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.
මෙම සිදුවීම හට ගෙන ඇත්තේ අදාළ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයෙක් අතර ඇතිවූ පෞද්ගලික ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බවට ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ
මෙම සිදුවීමට ජාතික ජන බලවේගය සම්බන්ධ කරමින් මෙලෙස චෝදනා එල්ල කිරීම පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවාගැනීමක් බවද සුනිල් වටගල මහතා තවදුරටත් සඳහන් කළා.