30 C
Colombo
Thursday, June 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතිරසර ප්‍රජා මූලික නගරයක් හදන්න කැප වෙනවා

තිරසර ප්‍රජා මූලික නගරයක් හදන්න කැප වෙනවා

තිර­සර ප්‍රජා මූලික නග­ර­යක් නිර්මා­ණය කිරී­මට කැප­වන බව කොළඹ පුර­ප­තිනී ව්‍රායි කැලි බල්ත­සාර් මහ­ත්මිය පැව­සු­වාය.

පුර­ප­ති­නිය ලෙස ඊයේ (18) වැඩ භාර­ගැ­නීමේ අව­ස්ථා­වට එක්වෙ­මින් ඇය එසේ සඳ­හන් කළාය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක් වූ නග­රා­ධි­ප­ති­නිය මෙසේද කීවාය.

ජන­තා­වාදී පාල­න­යක් ගොඩ­න­ගන්න මේ රටේ පර­ම්පරා ගණ­නා­වක් ලේ දහ­ඩිය හෙළුවා. අපි හැමෝ­ටම සම­හර අව­ස්ථා­ව­ලදී හිතිලා තියෙ­නවා එය හීන­යක් ප්‍රාර්ථ­නා­වක් පම­ණයි කියලා. ඒත් මේ රටේ ජන­තාව ඒ වෙනස කළා. ඒ වෙනස රටේම සිද්ධ වෙන­කොට අපේ කොළඹ නග­රයේ පුර­වැ­සි­යන් එක හඬින් කියා සිටියේ මේ පූර­ව­රය වෙනස් කරලා දෙන්න කිය­ලයි. දැන් ඒ වෙනස් කිරීමේ වග­කීම පැව­රෙන්නේ අප සියලු දෙනාට.

ලංකාවේ ධන­වත්ම සභාව. ධන­වත්ම නග­රය. ඒත් ඒ අතරේ දුප්ප­ත්කම හා අඳුරු ප්‍රති­කඩ අප වෙලා­ගෙ­නන තියෙ­නවා. නග­රයේ ජීව­ත්වෙන ප්‍රජා­වට ආලෝ­ක­යක් දෙන්න නග­ර­යට එන ලක්ෂ සංඛ්‍යාත ජන­තා­වට කාර්ය­ක්ෂම නග­ර­යක් ලබා­දෙන්න දැන් අපිට දැවැන්ත අභි­යෝ­ග­යක් තියෙ­නවා.

අසං­වි­ධිත අක්‍ර­ම­වත් ව්‍යාපෘති ප්‍රජා මූලික නොවන වැඩ­ස­ට­හන් තුළින් විශාල ප්‍රශ්න රැසක් මතුවී තිබෙ­නවා. ඒවා තීව්‍ර වෙලා තියෙ­නවා. මේ හැම දෙයක්ම එකින් එක ලෙහා­ගන්න සිද්ධ වෙනවා. නග­රයේ ජීවත් වෙන ප්‍රජාව වෙනු­වෙන් අප මෙය කළ යුතු­මයි කියන එකයි අපේ අද­හස.

ජන­තාව මූලික කර­ගෙන ඒ අවශ්‍ය ප්‍රජා යටි­තල පහ­සු­කම් සල­සන අතර ලෝකයේ තියෙන අනි­කුත් දියුණු නග­ර­වල ගුණාංග සහි­තව කොළඹ නග­රය සංව­ර්ධ­නය කරන්න අපිට සිද්ධ වෙනවා.

මේ නග­රයේ තියෙන පරි­ස­ර­යට අපි ගරු කරන්න ඕනේ. ටොෆි කොලයේ සිට කුණු කන්ද දක්වා තියෙන ක්‍රියා­ව­ලින් ආකල්ප වෙනස් විය යුතුයි. ඒ වෙනු­වෙන් අපි ක්‍රියා­මාර්ග ගන්න සූදා­නම්. ඩිජි­ටල් කර­ණය හරහා අපේ සේවා­වන් කාර්ය­ක්ෂම කරන්න වගේම මහ­ජන බදු මුදල් නාස්තිය අවම කරන්න අපි බලා­පො­රොත්තු වෙනවා. ඇතැම් ගැටලු නිරා­ක­ර­ණය කරන්න මධ්‍යම රජයේ සහ පළාත් සභාවේ සහාය අපිට අවශ්‍ය වෙනවා. ඒ ශක්තිය අපට අනි­වා­ර්යෙන්ම නොඅ­ඩුව ලැබෙ­නවා. අපේ පාල­නය ජන­තාව කේන්ද්‍ර­ග­තව සිදු­විය යුතුයි. ජන­තාව නියෝ­ජ­නය කරන මන්ත්‍රී­ව­රුන් හැටි­යට ජන­තා­වට සහ­ක­ම්ප­න­යෙන් ඇහු­ම්කන් දීම ඉතා වැද­ගත්. අපිට සාමූ­හි­කව ඔබේ කොට්ඨා­ස­යට ගිහින් ජන­තා­වගේ සහ­භා­ගි­ත්ව­යෙන් ඒ ගැටලු විස­ඳන්න යම්කිසි වැඩ කොට­සක් කරන්න සිද්ධ වෙනවා. එය අනි­වා­ර්යෙන්ම සිද්ධ විය යුතුයි. අපි මේ ගමන ඉදි­රි­යට යන්නේ ජනතා සහ­භා­ගි­ත්ව­යෙ­න්මයි.

තාක්ෂ­ණය හරහා ඉදි­රි­යට අපි මේ ජන­තාව තවත් නගර සභා­වට ළංක­ර­ගන්න උත්සාහ කළ යුතුයි. නග­රය පව­ත්වා­ගෙන යාමට උදේ හවස අවම පහ­සු­කම් යටතේ රජ­කාරී කරන පිරි­ස­කුත් මේ නගර සභාව ඇතුළේ ඉන්නවා. මම ඔබට ආචාර කර­නවා. ඉදි­රි­යට අප බලා­පො­රොත්තු වෙන මේ විශාල වෙනස ඇති කරන්න ඔබට ලොකු කර්ත­ව්‍යක් තියෙ­නවා.

ඒ වෙනු­වෙන් මේ කාම­රයේ දොර­ටුව හැම­දාම විවෘ­තයි. මේ නග­රයේ ප්‍රශ්න තියෙ­නවා. ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න කතා­ක­ර­මින් ගැටලු විසඳා ගනි­මින් මේ නග­රය ගොඩ­න­ඟන්න ඕනේ. නිල­ධා­රී­න්ටයි සේවක සේවි­කා­ව­න්ටයි මම කියන්නේ එන්න මහ­ජන නියෝ­ජි­ත­යින් සමඟ අත්වැල් බැඳ­ගෙන වැඩ කරමු. අපට ශක්ති­යක් වෙන්න.

මේ සභාවේ මුල් පුටු­වට මා පත් වීම පෞද්ග­ලි­කව ගන්න එපා කියන ඉල්ලීම මම කර­නවා. මේක මහ­ජන ව්‍යාපා­ර­යක්. සාමූ­හික ප්‍රය­ත්න­යක ප්‍රති­ඵ­ල­යක්. අද මම මේ පුටුවේ ඉන්නේ තනි කෙනෙක් හැටි­යට නෙවෙයි. විශාල කණ්ඩා­ය­මක අවු­රුදු ගණ­නා­වක වෙහෙස මහ­න්සිය නියෝ­ජ­නය කර­මින්.

මම එතන අද ඉන්නේ අපේ ජන­තා­වගේ අභි­ලා­ෂ­යන් එක්කයි. අපේ සාර්ථ­ක­ත්වය තියෙන්නේ පක්ෂ පාට භේද­ව­ලින් තොරව අපි එක­සිය දාහත් දෙනා­ටම සභි­ක­යන් හැටි­යට එකට වැඩ කරන්න පුළු­වන් නම් විත­රයි. ඒ අභි­යෝ­ගය අපේ එක­සිය දාහත් දෙනා­ටම එලෙ­සම භාර­ග­න්නට සිද්ධ වෙනවා. තිර­සර ප්‍රජා මූලික නග­ර­යක් නිර්මා­ණය කරන්න ඔබ සැම­ගේම සහය විශ්වා­සය සමග මගේ උප­රිම ශක්තිය අපේ නග­රයේ ජන­තාව වෙනු­වෙන් ලබා දෙනවා.”