28.4 C
Colombo
Saturday, June 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපාර්ලිමේන්තුව අදත් රැස්වෙයි 

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි 

පාර්ලිමේන්තුව අදත් (20) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.

ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර තිබෙන්නේ.

පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා අංක 2429/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය, අංක 2434/12 සහ අංක 2435/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

තවද, 2025.06.03 වැනි දින පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) සහ සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) නමැති පනත් කෙටුම්පත්වල දෙවනවර කියවීමේ විවාදය, එකී පනත් කෙටුම්පත්වලට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු නොකළහොත්, ඉහත දැනටමත් තීරණය කර ඇති කටයුතු වලට අමතරව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වීමට කාරක සභාව එකඟත්වය පළ කර කර තිබෙනවා.