30.6 C
Colombo
Monday, June 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපළාත් පාලන ආය­තන 192ක පාලන බලය ජාතික ජන බල­වේ­ගයට

පළාත් පාලන ආය­තන 192ක පාලන බලය ජාතික ජන බල­වේ­ගයට

ජාතික ජන බල­වේ­ගය මේ වන විට පළාත් පාලන ආය­තන 192ක පාලන බලය හිමි­කර ගැනී­මට සමත්ව තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන අය­තන 151ක සෘජු බහු­ත­ර­යක් ලබා ගත් අතර, තවත් ආය­තන 40ක බලය ඡන්ද විම­සී­මේදී බහු­තර බලය හිමි­කර ගනි­මින් බලය පිහි­ටුවා තිබෙනවා.

ජාතික ජන බල­වේ­ග­යට බහු­ත­ර­යක් නොති­බු­ණද කල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාවේ පාලන බල­යද තම පාල­නය යට­තට පත් කර ගැනී­මත් සමඟ ජාතික ජන බල­වේ­ගය පරි­පා­ල­නය කරන ලද මුළු සභා සංඛ්‍යාව 192 දක්වා ඉහළ ගියා.

කොළඹ, කළු­තර, ගාල්ල, කුරු­ණෑ­ගල පුත්ත­ලම සහ නුව­ර­එ­ළිය මහ නගර සභා ඇතුළු රටේ ප්‍රමු­ඛ­තම නාග­රික පළාත් පාලන ආය­තන ගණ­නා­වක පාලන බලය ද මේ වන විට ජාතික ජන බල­වේ­ගය හිමි­කර ගෙන තිබෙනවා.

ආග­ර­ප­තන, කොට­ගල සහ නුව­ර­එ­ළිය ප්‍රාදේ­ශීය සභා­වල, ලංකා කම්කරු කොංග්‍ර­සය විසින් සභා­පති ධුර දරන ලද අතර, නියෝජ්‍ය සභා­පති ධූරය ජාතික ජන බල­වේ­ගයේ නියෝ­ජි­ත­යන්ට හිමි වුණා.

ජාතික ජන බල­වේ­ගය හැර අනෙ­කුත් පක්ෂ­වල පාල­නය යටතේ ඇති මුළු සභා සංඛ්‍යාව 53ක් වන ඇති අතර බාධා කිරීම් හේතු­වෙන් සභා හත­රක පරි­පා­ල­නය පිහි­ටු­වීම ප්‍රමාද වී තිබෙනවා.

සීතා­ව­ක­පුර නගර සභාව, සීතා­ව­ක­පුර ප්‍රාදේ­ශීය සභාව සහ මාව­ත­ගම ප්‍රාදේ­ශීය සභාවේ සැසි­වාර රහස් ඡන්ද විම­සීම් අත­ර­තුර ඇති වූ ආරා­වුල් හේතු­වෙන් අත්හි­ටු­වන ලැබුවා.

ආර­ච්චි­ක­ට්ටුව ප්‍රාදේ­ශීය සභාවේ මංගල සැසි­වා­රය අභ්‍ය­න්තර පරි­පා­ලන ගැටලු හේතු­වෙන් කල් දමා තිබෙනවා.

පළාත් පාලන ආය­තන 339න්, ජුනි 20 වන විට සභා 245ක පරි­පා­ල­නය පිහි­ටුවා තිබෙනවා.