30 C
Colombo
Tuesday, June 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජොන්ස්ටන්ට හොර මෙඩි­කල් දුන්නැයි දොස්තර ගැන පරී­ක්ෂ­ණ­යක්

ජොන්ස්ටන්ට හොර මෙඩි­කල් දුන්නැයි දොස්තර ගැන පරී­ක්ෂ­ණ­යක්

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනා­න්දුට එරෙ­හිව කොළඹ මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ පවරා ඇති නඩු විභා­ග­යක දී විත්ති­කරු රෝගීව සිටි බව දක්වා අධි­ක­ර­ණ­යට ව්‍යාජ ලිපි ශීර්ෂ­ය­කින් වෛද්‍ය සහ­ති­ක­යන් නිකුත් කළ වෛද්‍ය­ව­ර­යකු සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇති බව ඊයේ (23) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මහා­ධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු ලංකා ජය­රත්න මෙණෙ­විය ඉදි­රියේ නඩුව කැඳවූ අව­ස්ථාවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනු­වෙන් පෙනී සිටි එහි නීති නිල­ධා­රිනී උදාරී රණ­තුංග මහ­ත්මිය මේ බව ප්‍රකාශ කර සිටි­යාය.

දිව­යිනේ ප්‍රසිද්ධ පෞද්ග­ලික රෝහ­ලක ලිපි ශිර්ෂය අව­භා­විත කර චුදි­තට වෛද්‍ය සහ­ති­ක­යක් නිකුත් කළ වෛද්‍ය­ව­රයා සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට කරුණු දක්වන ලෙස පසු­ගිය මාර්තු 26 දා පූර්ව­ගාමී මහා­ධි­ක­රණ විනි­සුරු නව­රත්න මාර­සිංහ මහතා නිකුත් කළ නියෝ­ගය අනුව මෙම කරුණු දැක්වීම නීති­ඥ­ව­රිය කළාය.

වෛද්‍ය සභාව වෙනු­වෙන් එහි නීති නිල­ධා­රි­නිය කරුණු දක්ව­මින් රුවන් පති­රණ නමැති මෙම වෛද්‍ය­ව­රයා 2010 වසරේ ජන­වාරි 5 දා එස්එ­ල්එම්සී 25363 යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා­ප­දිං­චිව ඇති බව කියා සිටි­යාය. ඔහුට එරෙ­හිව සිය රෝහලේ ලිපි ශීර්ෂය අව­භා­විත කිරීම සම්බ­න්ධ­යෙන් නාරා­හේ­න්පිට පිහිටි පෞද්ග­ලික රෝහ­ලක අධ්‍ය­ක්ෂ­ව­ර­යකු වෛද්‍ය සභා­වට පැමි­ණි­ල්ලක් යොමු­කර ඇති බව එම නීති­ඥ­ව­රිය වැඩි­දු­ර­ටත් අධි­ක­ර­ණ­යට දැන්වූ­වාය. අදාළ වෛද්‍ය­ව­රයා එම රෝහලේ සේවය කරන වෛද්‍ය­ව­ර­යකු නොවන බවට රෝහල පෙන්වාදී ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නීති රීති­ව­ලට අනුව දිවු­රුම් පෙත්ස­මක් සහි­තව එම පැමි­ණිල්ල ඉදි­රි­පත්ව තිබෙන බැවින් එය විභාග කිරී­මට වෛද්‍ය සභාවේ ප්‍රාථ­මික විනය කමි­ටුව තීර­ණය කර ඇති බව පැව­සීම නීති­ඥ­ව­රිය ප්‍රකාශ කළාය.

අධි­ක­රණ නියෝග හා පැමි­ණි­ල්ලක් අනුව පරී­ක්ෂ­ණ­යක් ආර­ම්භව ඇති බවට වෛද්‍ය සභාව කළ කරුණු දැක්වීම පිළි­ගත් අධි­ක­ර­ණය එම කමි­ටුවේ නිග­මන අධි­ක­ර­ණ­යට දන්වන ලෙස නියෝග කළේය. එහි දී අදාළ වෛද්‍ය­ව­රයා වින­යා­නු­කූල පිය­වර ගත­යුතු වර­දක් කර තිබේද? එසේ­නම් ඔහු සම්බ­න්ධ­යෙන් වෛද්‍ය සභාව ගන්නා පිය­වර කුමක්ද යන්න අධි­ක­ර­ණ­යට දන්වන ලෙස මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රිය නීති නිල­ධා­රි­නි­යට නියෝග කළාය.