30 C
Colombo
Tuesday, June 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහෘද සාක්ෂි­යට අනුව මම වර­දක් කර නැහැ

හෘද සාක්ෂි­යට අනුව මම වර­දක් කර නැහැ

සභා­පති විනි­සු­රු­ව­රයා ඇතුළු පරී­ක්ෂණ කමි­ටුව තමා සම්බ­න්ධ­යෙන් කවර තීන්දු­වක් ලබා දුන්නද තමාගේ හෘද සාක්ෂි­යට අනුව වර­දක් කර නොමැති බව වග­උ­ත්ත­ර­කාර පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා සාක්ෂි ලබා දෙමින් පරී­ක්ෂණ කමි­ටුව හමුවේ අව­ධා­ර­ණය කළේය.

පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා සිදු කර ඇතැයි කියන විෂ­මා­චාර සහ සිය ධුරයේ බල­තල අනිසි අන්ද­මින් යොදා ගැනීම සම්බ­න්ධ­යෙක් විම­ර්ශ­නය කර වාර්තා කිරී­මට පත් කළ පරී­ක්ෂණ කමි­ටුව ඊයේ (23 ) රැස් වූ අතර, එහිදී සාක්ෂි ලබා දෙමින් හෙතෙම මේ බව සඳ­හන් කළේය.

අවු­රුදු 158ක මෙරට පොලිස් ඉති­හා­සය තුළ පොලි­ස්ප­ති­ව­ර­ය­කුට එරෙ­හිව මෙලෙස කට­යුතු කළේ ප්‍රථම වතා­වට බවත් මේ පිළි­බඳ ඉදි­රි­යේදී සමා­ජය දැඩි කතා­බ­හ­කට ලක්ක­රනු ඇති බවත් දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පැව­සීය.

එමෙන්ම හර­ක්කටා හෙවත් නඳුන් චින්තක නැමැත්තා සමඟ සම්බ­න්ධතා පැවැත්වූ බවට හඳුනා­ගත් 149 දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගෙන අවශ්‍ය කට­යුතු සිදු කරන ලෙස තමා පොලි­ස්පති සම්මන්ත්‍රණ ශාලා­වේදී උප­දෙස් ලබා දුන් බවත්, මෙය රහ­සි­ගත සාක­ච්ඡා­වක් නොවන අතර, රාජ­කාරි කාර්යා­ලයේ, රාජ­කාරී වේලාවේ ලබා දුන් රාජ­කා­රි­මය කට­යු­ත්තක් බවත් දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පැව­සීය.

ඒ අනුව මාතර වැලි­ගම W15 හෝට­ලය අසල සිදු වූ වෙඩි තැබී­මට සම්බන්ධ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ (CCD) නිල­ධා­රීන් කණ්ඩා­යම සහ එම සිදු­වී­මට පෙර දින මාතර බලා ගොස් 11 දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගත් කොළඹ අප­රාධ කොට්ඨා­සයේ (CCD) නිල­ධා­රීන් කණ්ඩා­යම පොලි­ස්ප­ති­ව­ර­යාගේ නියෝ­ගය අනුව ක්‍රියා­ත්මක කර ඇති බවත්, ඒ අනුව මෙය නීත්‍ය­නු­කූ­ලව සිදු කළ රාජ­කා­රි­යක් බවත් විත්ති­කාර පොලි­ස්ප­ති­ව­රයා සඳ­හන් කළේය.

මෙහිදී තමා වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා ලෙස කොළඹ අප­රාධ කොට්ඨා­සයේ එව­කට වැඩ­බ­ලන අධ්‍යක්ෂ නෙවිල් සිල්වා මහතා ඇතුළු නිල­ධා­රීන් කැඳවා හර­ක්ක­ටාගේ ආශ්‍රි­ත­යන් අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස උප­දෙස් ලබා දුන් පසු ඒ සම්බ­න්ධ­යෙන් කට­යුතු කිරීම ඔවුන්ගේ වග­කීම බවත්, ඒ අනුව ඔවුන්ගේ අභි­ම­තය පරිදි යන කණ්ඩා­යම, රැගෙන යන ආයුධ, රැගෙන යන වාහ­නය තීර­ණය කර ඇති අතර, ඊට තමා උප­දෙස් ලබා නොදුන් බවත් කමි­ටුව හමුවේ සාක්ෂි ලබා දෙමින් විත්ති­කාර පොලි­ස්ප­ති­ව­රයා පැව­සීය.

එමෙන්ම මෙතෙක් සාක්ෂි ලබා දුන් සාක්ෂි­ක­රු­වන් අතර මාතර – හම්බ­න්තොට දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති නිශා­න්ත ද සොයිසා මහතා හැර වෙනත් කිසිදු සාක්ෂි­ක­රු­වෙ­කුගේ සාක්ෂි හරහා තමා වැර­දි­කරු බවට ඔප්පු නොවූ බව ද ඔහු සාක්ෂි ලබා දෙමින් සඳ­හන් කළේය.

මේ අතර, යුක්තිය මෙහෙ­යු­මට සම­ගා­මීව නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ දුර­ක­තන දත්ත විශේ­ලේ­ෂණ අනුව ඔහුගේ ආශ්‍රි­ත­යන් අත්අ­ඩං­ගු­වට ගැනීමේ නියෝ­ගය ලබා දුන් බවත් මෙලෙස හරක් කටාගේ ආශ්‍රි­ත­යන් 149 දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගෙන අවශ්‍ය කට­යුතු සිදු කරන ලෙස තමා පොලි­ස්පති සම් මන්ත්‍රණ ශාලා­වේදී උප­දෙස් ලබා දුන් බවත්, මෙය රහ­සි­ගත සාක­ච්ඡා­වක් නොවන අතර, රාජ­කාරි කාර්යා­ලයේ, රාජ­කාරි වේලාවේ ලබා දුන් රාජ­කා­රි­මය කට­යු­ත්තක් බවත් විත්ති­කාර පොලි­ස්ප­ති­ව­රයා ඔහු වෙනු­වෙන් පෙනී සිටින නීතිඥ සංජය වීර­වි­ක්‍රම මහ­තාගේ ප්‍රශ්න කිරීම හමුවේ පැව­සීය.

ඒ අනුව මාතර වැලි­ගම W15 හෝට­ලය අසල සිදු වූ වෙඩි තැබී­මට සම්බන්ධ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ (CCD) නිල­ධා­රීන් කණ්ඩා­යම සහ එම සිදු­වී­මට පෙර දින මාතර බලා ගොස් 11 දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගත් කොළඹ අප­රාධ කොට්ඨා­සයේ (CCD) නිල­ධා­රීන් කණ්ඩා­යම පොලි­ස්ප­ති­ව­ර­යාගේ නියෝ­ගය අනුව ක්‍රියා­ත්මක කර ඇති බවත්, ඒ අනුව මෙය නීත්‍ය­නු­කූ­ලව සිදු කළ රාජ­කා­රි­යක් බවත් විත්ති­කාර පොලි­ස්ප­ති­ව­රයා සඳ­හන් කළේය.

මෙහිදී තමා වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා ලෙස කොළඹ අප­රාධ කොට්ඨා­සයේ එව­කට වැඩ­බ­ලන අධ්‍යක්ෂ නෙවිල් සිල්වා මහතා ඇතුළු නිල­ධා­රීන් කැඳවා හර­ක්ක­ටාගේ ආශ්‍රි­ත­යන් අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස උප­දෙස් ලබා දුන් පසු ඒ සම්බ­න්ධ­යෙන් කට­යුතු කිරීම ඔවුන්ගේ වග­කීම බවත්, ඒ අනුව ඔවුන්ගේ අභි­ම­තය පරිදි යන කණ්ඩා­යම, රැගෙන යන ආයුධ, රැගෙන යන වාහ­නය තීර­ණය කර ඇති අතර, ඊට තමා උප­දෙස් ලබා නොදුන් බවත් කමි­ටුව හමුවේ සාක්ෂි ලබා දෙමින් විත්ති­කාර පොලි­ස්ප­ති­ව­රයා පැව­සීය.

මේ අතර, තමාට වැඩ­බ­ලන පොලි­ස්පති ධුරය ලබා දීමට පෙර එව­කට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා කැඳවා සංවි­ධා­නා­ත්මක අප­රාධ සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මැඩ පැවැ­ත්වීම ගැන කරුණු විමසූ බවත්, එහිදී තමාට මත්ද්‍රව්‍ය වැට­ලීම සහ සංවි­ධා­නා­ත්මක අප­රාධ මැඬපැවැ­ත්වීම ගැන තිබෙන වැඩ­පි­ළි­වෙළ ජනා­ධි­ප­ති­ව­ර­යාට පැහැ­දිලි කළ බවත් ඔහු පැව­සීය.

එම අව­ස්ථාවේ එව­කට මහ­ජන ආර­ක්ෂක ඇමැති ටිරාන් අලස් මහ­තාද සිටි බවත්, ඒ අනුව මෙම වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කරන ලෙස ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් සහ විෂය භාර අමා­ත්‍ය­ව­ර­යා­ගෙන් උප­දෙස් ලැබුණු බවත්, එම උප­දෙස් මත යුක්තිය මෙහෙ­යුම ආරම්භ කළ බවත් විත්ති­කාර පොලි­ස්ප­ති­ව­රයා පැව­සීය.

මේ අතර, වැලි­ගම W15 හෝට­ලයේ වෙඩි තැබී­මෙන් පසු ඒ පිළි­බ­ඳව එව­කට කොළඹ අප­රාධ කොට්ඨා­සයේ වැඩ­බ­ලන අධ්‍යක්ෂ නෙවිල්ද සිල්වා මහතා එදින අලු­යම 3.30ට පමණ දැනු­ම්වත් කළ බවත්, මෙලෙස හෝට­ල­යක් අසල වෙඩි තැබීම සිදුව ඇති බැවින් මෙම ස්ථාන­යට ගිය පොලිස් නිල­ධා­රීන් කණ්ඩා­යම බීම­තින් සිට යම්කිසි සිද්ධි­යක් සිදු­ව­න්නට ඇති බවට තමා විශ්වාස කර නෙවිල් සිල්වා මහ­තාට ඔවුන් බීම­තින් සිට ඇත්ද යන්න පරීක්ෂා කරන ලෙස උප­දෙස් දුන් බවත් ඔහු පැව­සීය.

එලෙස උප­දෙස් ලබා දී තමා පසුව ගාල්ල කරා­පි­ටිය රෝහලේ පොලිස් ඒක­කය අමතා තුවාල ලබා රෝහ­ල්ගත කළ නිල­ධා­රීන් බීම­තින් සිටින බවට විමසූ විට ඔවුන් බීම­තින් සිට නොති­බුණු බවට දැන­ගත් බවත්, කෙසේ වෙතත් ඔවුන් බීම­තින් සිට ඇද්ද යන්න සොයා බලා දන්වන ලෙස උප­දෙස් ලබා දුන් නෙවිල් ද සිල්වා මහාතා තමාට මෙතෙක් ඒ පිළි­බඳ වාර්තා නොකළ බවත් පොලි­ස්ප­ති­ව­රයා පැව­සීය.

මේ අතර, වැලි­ගම W15 හෝට­ලය අසල වෙඩි තැබීම සහ පසුව ජංගම රථ­යෙන් වෙඩි තැබී­මට අදාළ සමස්ත සිද්ධිය එම පරී­ක්ෂණ කට­යුතු සිදු කළ නිල­ධා­රීන් නිසි පරිදි සිදු කළ බවත්, ඒ අනුව එහි පරී­ක්ෂණ කට­යුතු සිදු කිරීමේ හැකි­යාව තිබු­ණද තමා පොලි­ස්ප­ති­ව­රයා ලෙස වෙනත් කණ්ඩා­ය­ම­කට යොමු නොකළ බවත් දේශ­බන්දු මහතා සඳ­හන් කළේය.

එලෙස වෙනත් කණ්ඩා­ය­ම­කට පොලි­ස්ප­ති­ව­ර­යාගේ අභි­ම­තය පරිදි පරී­ක්ෂණ මාරු නොකි­රී­මට තමා ගත් තීර­ණය ගැන සතුටු වන බවත්, එසේ නොමැති වූයේ නම් මෙම සිද්ධිය වෙනස් කිරී­මට එහි වග­කීම තමාට පැව­රී­මට ඉඩ තිබූ බවත් හෙතෙම පැව­සීය.

මේ අතර, තමාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­න­යෙන් වැටුප් ලබා ගත් බවට චෝද­නා­වක් එල්ල වූ බවත්, තමා බස්නා­හිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාව සිටි කාලය තුළ මෙර­ටට පැමි­ණෙන ක්‍රිකට් කණ්ඩා­ය­ම්වල ආර­ක්ෂාව තමාට පැවරී තිබූ බවත්, ඒ අනුව ක්‍රිකට් ආය­ත­නය සමඟ කට­යුතු කිරී­මට සිදු වූ බවත් ඔහු පැව­සීය.

එහිදී කාල­යක සිට සිදු කළ මෙහෙ­ව­රට ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය විසින් විශේ­ෂඥ ආර­ක්ෂක උප­දේ­ශක තන­තුර සඳහා රු.250,000ක පමණ වැටු­පක් පිරි­නැ­මී­මට කට­යුතු කළ බවත්, එවැනි ආකා­රයේ තන­තු­රක් භාර­ගන්නා ලෙස තමාට අව­ස්ථා­වක් හිමිව ඇති බව තමා විසින් එව­කට මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා සමඟ පැවති සාක­ච්ඡා­වක් අත­ර­තුර පැවසූ බවත් පොලි­ස්ප­ති­ව­රයා පැව­සීය.

එහිදී ලේක­ම්ව­රයා විසින් කියා සිටියේ, ඕක භාර ගන්න එපා, ඉස්ස­ර­හට ලෙඩක් වැටෙයි යනු­වෙන් සඳ­හන් කළ බවත්, ඒ වන විට රාජ්‍ය සේවයේ සිටි­යදී රැකියා දෙකක් සිදු කිරී­මට නොහැකි බවට තමා දැනු­ම්වත්ව සිටි බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­න­යට මෙම තර­න­තුර ලබා දීමට ස්තූතිය පළ කර සහ තමාට මෙය භාර ගැනී­මට නොහැකි බව සිය ලිපි ශීර්ෂය යටතේ ලිපි­යක් යොමු කළ බවත් දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පැව­සීය.

ඒ අනුව තමා එම තන­තුර ප්‍රති­ක්ෂේප කළ බවත්, එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­න­යෙන් සත පහක හෝ දීම­නා­වක් අරන් නොමැති බවත් හෙතෙම පැව­සීය.