කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට අමතරව නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.
වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව අනාවැකියි.
ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ද සවස් හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලද පැ.කි.මී. 30-40 ත් අතර තද සුළං හමන අවස්ථා ඇතැයි අපේක්ෂා වේ.
එමෙන්ම, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු තත්වයන් හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.