බණ්ඩාරවෙල වැලිමඩ පාරේ පිහිටි වෙළඳසැලක් වෙත විදුලිය විසන්ධි කිරීමට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයෙකුට වෙළඳසැල් හිමියා විසින් පහරදීමක් සිදු කර ඇති බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ විදුලිබල මණ්ඩල සේවකයා අද (24) සවස බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල්ගතව ඇත්තේ අංක 17, රාමවත්ත, කහගොල්ල, දියතලාව පදිංචි, වයස අවුරුදු 54ක් වන එච්. එම්. ප්‍රභාත් චන්ද්‍රසිරි හීන්කෙන්ද මහතා වන අතර, ඔහු විදුලිබල මණ්ඩලයට අනුයුක්තව රාජකාරි නිරත සේවකයෙකි.
විදුලිය විසන්ධි කිරීම සඳහා පැමිණි සේවකයන් සමඟ සිටි ඔහු සහ වෙළඳසැල් හිමියා අතර බහින්බස්වීමක් ඇතිවී, එය දැඩිවීමෙන් අනතුරුව පහරදීම සිදු වී ඇති බවට පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.