අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා අධි සුඛෝපභෝගී බස් රථ 200ක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) තීරණය කර ඇති අතර, එය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ.
ශ්‍රීලංගම බස් රථ ඇණියේ සාමාන්‍ය බස් රථ වලින් සෙසු 52%ක් සහ සුඛෝපභෝගී බස් රථ වලින් 94%ක් පමණ දැනටමත් ඔවුන්ගේ ආර්ථික ආයු කාලය ඉක්මවා ගොස් ඇත. ඒ හේතුවෙන්, නව බස් රථ ප්‍රතිස්ථාපනය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මතුවී ඇත.
අධිවේගී මාර්ගවල මගීන්ගේ ඉල්ලුම සපුරාලීමට ශ්‍රීලංගමට ප්‍රමාණවත් බස් රථ නොමැති බැවින්, දැනට පෞද්ගලික අංශයට අයත් සුඛෝපභෝගී බස් රථ 61ක් ලාභ බෙදා ගැනීමේ ආකෘතියක් යටතේ ධාවනයට යොදවා ඇත.
මෙම අර්බුදයට විසඳුමක් ලෙස, ශ්‍රීලංගමය විසින් තමන්ගේම අරමුදල් භාවිතයෙන් අධි සුඛෝපභෝගී බස් රථ 200ක් මිලදී ගැනීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා මූල්‍ය හැකියාව ඇති ඩිපෝවලට බස් රථ 29ක් ඍජුවම මිලදී ගැනීමට අවසර දී ඇත.
ඒ අමතරව, ඉතිරි බස් රථ ප්‍රමාණය සඳහා මුලික ගෙවීම ශ්‍රීලංගමයේ අරමුදල් මගින් සිදු කරමින්, ඉතිරි මුදල වසර 5ක් ඇතුළත මාසික වාරික මගින් ගෙවීමේ ක්‍රමය යටතේ මිලදී ගැනීම සම්බන්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.