මැදපෙරදිග කලාපයේ උද්ගතවී ඇති යුද තත්ත්වය සමග ලංකාවට මුහුණදීමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර ඇත.
ඒ අනුව මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් බලපෑමට ලක්විය හැකි සියලු කේෂ්ත්‍ර බලපෑමේ ප්‍රමාණයන් සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත්කර තිබේ.
එම අනුකමිටුවට සහාය වීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත. කමිටු සාමාජිකයින් පහත පරිදිය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා (සභාපති),
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,
වෙළෙඳල වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා.