30.6 C
Colombo
Thursday, June 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉරානය එක්ක  සාකච්ඡාවකට ට්‍රම්ප් සැරසෙයි 

ඉරානය එක්ක  සාකච්ඡාවකට ට්‍රම්ප් සැරසෙයි 

ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අන්දමට ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වී ඇත.

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් දිනකට පසුව මෙම ප්‍රකාශය එල්ල වීම විශේෂත්වයකි.

ජනාධිපති ට්‍රම්ප්ගේ විශ්වාසය වන්නේ, බොහෝ විට ඉදිරි සතියේ මෙම සාකච්ඡාව පැවැත්විය හැකි බවයි. එම සාකච්ඡා මාර්ගයෙන් දෙරට අතර න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කර ගැනීමට හැකි වනු ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත්, ඊශ්‍රායලයේ හමුදාමය ප්‍රහාරවලට ඇමෙරිකාව සහය දීම නිසා රාජ්‍යතාන්ත්‍රික අවකාශය පාවා දී ඇති බව ඉරාන නායකයා චෝදනා කරයි.